தமிழ்
English
Contact
Tuesday 23rd October 2018    
වයඹ පළාත් මහ ඇමති තම ඡායාරූපය පාසල්වල එල්ලන්න නියෝග කරයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වයඹ පළාත් මහ ඇමති තම ඡායාරූපය පාසල්වල එල්ලන්න නියෝග කරයි!



වයඹ පළාත් මහ ඇමති සහ අධ්‍යාපන ඇමති ධර්මසිරි දසනායක විසින් තම ඡායාරූපයක් පලාතේ පාසල්වලට යවමින් එය තමතමන්ගේ පාසල්වල විදුහල්පති කාර්යාලයේ සවිකරන ලෙස දන්වා විදුහල්පතිවරුන්ට ලිපියක් යවා ඇත.

පළාත් මහඇමතිවරයා විසින් මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ විශාල ප්‍රමාණයෙන් මුද්‍රණය කළ ඡායාරූප දෙකක් අතුරින් එකක් පාසල තුල ප්‍රදර්ශනය කිරිම කළ යුතු බවට විදුහල්පතිවරයාට දන්වමිනි. එහෙත් මේ සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ ඇමතිවරයාගේ ප්‍රතිචාරය ලබාගැනීමට උත්සාහ ගත් නමුත් ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදක්වන තත්වයක් තිබේ.