தமிழ்
English
Contact
Monday 22nd April 2019    
සිය ගම්මාන චීන සමාගම් වලට පැවරීමට එරෙහිව ජනතාව විරෝධතාවක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සිය ගම්මාන චීන සමාගම් වලට පැවරීමට එරෙහිව ජනතාව විරෝධතාවක



වත්මන් ආණ්ඩුව විසින් අම්බලන්තොට රිදියගම ගොඩකොග්ගල්ල ප්‍රදේශයෙන් එහි වෙසෙන ජනතාව ඉවත් කර චීන බහු ජාතික සමාගම් වලට පැවරීමට ගත් තීරණයට විරෝධය දක්වමින් අද(22) දින ප්‍රදේශවාසීන් විසින් විරෝධතායක නිරත විය.

පාරම්පරිකව ගොවිතැන සහ මිරිදිය ධීවර කර්මාන්තය සිය ජීවිකාවන් කරගත් එම ප්‍රදේශයේ ජනතාව ආණ්ඩුවේ මෙම අත්තොනෝමතික තීරණය හේතුවෙන් දැඩි අපහසුතාවයකට පත් වන බව පවසමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නියැළුණි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට නියමිත නව චීන ආයෝජන කලාපය සඳහා ආණ්ඩුව විසින් මෙම භුමි ප්‍රදේශයද යොදා ගැනීමට නියමිතව තිබේ.

ඉතිහාසයක් පුරාවට අසාර්ථකව ඇති ජාතික ආර්ථිකය ගොඩනැංවීම සඳහා විදේශ ආයෝජන අත්‍යාවශ්‍ය බව පවසමින් ආණ්ඩු විසින් සිය ප්‍රමුඛ කාර්යභාරය ලෙස මෙවැනි ව්‍යපෘති ක්‍රියාත්මක කරමින් ඇත. ක්‍රමානුකුලව චීන ආක්‍රමණ වලට නතු වෙමින් තිබෙන තත්වයක් තුල පවා තවදුරටත් මෙවැනි ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සහ දිශානතිය පැහැදිලි වෙමින් තිබෙන අතර බහු ජාතික සමාගම් වල ලාභ කොටස වැඩි කරදීම වෙනුවෙන් ජන ජිවිත ව්‍යාකූල කරමින් කෙසේ හෝ ජාතික ආර්ථිකය ශක්තිමත් කරමින් ඇති වැඩකරන ජනතාව ශ්‍රම කොල්ලකරුවන්ගේ වහලුන් බවට පත් කිරීමට ගෙන එන මෙවැනි ආයෝජන කලාප වලට එරෙහිව ජනතාව සාමුහිකව අරගලකර යුතුව ඇත.