தமிழ்
English
Contact
Tuesday 15th October 2019    
CID අධ්‍යක්ෂකගෙන් පොලීසියට පැමිණිල්ලක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

CID අධ්‍යක්ෂකගෙන් පොලීසියට පැමිණිල්ලක්



නීතිඥ මනෝජ් ගමගේ විසින් තමන්ට තර්ජනය කළ බව සඳහන් කරමින් අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක ශානි අබේසේකර පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

දොස්තර මොහොමඩ් ෂාෆිට එරෙහි නඩුවේ මව්වරුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ එකමුතුවේ සභාපතිවරයා වන නීතිඥ මනෝජ් ගමගේ මාධ්‍ය හමුවකදී පවසා තිබුනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දොස්තර ෂාෆි චෝදනාවලින් නිදහස් කිරීමේ අරමුණුනින් පරීක්ෂණ පවත්වන බවයි. සිය වගකීම පැහැර හැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂකවරායට වන්දි ගෙවීමට සිදුවෙනු ඇති බවද නීතිඥවරයා පවසා ඇත.

එම මාධ්‍ය හමුවේදී “ශානි අබේසේකර මහතාට අනාගතයේ දී ජම්පරයක් ඇඳගෙන ප්‍රතිඵල බුක්ති විඳින්නට සිදුවේයැයි” ද මනෝජ් ගමගේ පවසා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පවසා තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂකවරයා මාධ්‍ය හමුවකදී නීතිඥ මනෝජ් ගමගේ තර්ජනය කර ඇති බවට කොළඹ කොටුව පොලීසියට පැමිණිල්ලක් කර ඇති බවයි.