தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
CID ට බාර වූ X-press Pearl ලංකා නියෝජිත ආයතනයේ ප්‍රධානියා අත්අඩංගුවට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

CID ට බාර වූ X-press Pearl ලංකා නියෝජිත ආයතනයේ ප්‍රධානියා අත්අඩංගුවට



එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මෙරට නියෝජිත ආයතනය වන සී කන්සෝටියම් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්හි සභාපති අර්ජුන හෙට්ටිආරච්චිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙයට සුුළු මොහොතකට පෙර අත්අත්අඩංගුවට ගෙන තිබේ.

නෞකාව ගිනි ගැනීමට ලක්වීම සම්බන්ධයෙන් කෙරුණු විමර්ශනයට අදාලව එම නෞකාව අයත් මව් සමාගම හා දේශිය නියෝජිතායතනය අතර පැවැති සන්නිවේදනය පිළිබදව යම් සොයා බැලීමක් කිරීමේදී දේශිය නියෝජිතායතනයේ නොසැලකිලිමත් ක්‍රියාවන් සම්බන්ධයෙන් කරුණු හෙළිවීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන සදහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් මෙයට පෙර අනාවරණය වී තිබුණේ ගිනිගත් නෞකාවේ මෙරට නියෝජිතායතනය විසින් ඒ සම්බන්ධයෙන් හුවමාරුවූ ඊ- මේල් පණිවුඩ කිහිපයක් මකාදමා ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් සහ නෞකාව ගිනි ගැනීමට අදාලව කෙරුණු විමර්ශනයන් සම්බන්ධයෙන් උදෘත නීතිපතිවරයාට යොමු කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබුණේ නෞකාවේ මෙරට නියෝජිතායතනයේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගන්නා ලෙසටය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ආරම්භකර තිබුණි. ඒ අවස්ථාවේ ඔවුන් කාර්යාලයේත් නිවෙස්වලත් නොසිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන සඳහන් කර තිබේ.

නෞකා ගින්න පිළිබදව ඊයේ (15) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැමිණිල්ලෙහි විභාගය බැවැති අවස්ථාවේදී නෞකා නියෝජිත ආයතනයේ සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පවසා තිබුණේ සිය සේවා දායකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද දිනයේ පෙනී සිටින බවය. ඒ අනුව සභාපති අර්ජුන හෙට්ටිආරච්චි අද උෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.