தமிழ்
English
Contact
Tuesday 23rd October 2018    
කුරුදුවත්තේ ධනවතා වසර ගණනක් විදුලිය හොරෙන් අරන්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කුරුදුවත්තේ ධනවතා වසර ගණනක් විදුලිය හොරෙන් අරන්!



කොළඹ 7 නිවසට විදුලිය හොරෙන් ලබා ගැනීමේ චෝදනාවට වරද පිළිගත් ලක්සිරි ද සිල්වා නමැති ව්‍යාපාරිකයකුට විදුලි බල මණ්ඩලයට සිදුව අැති පාඩුව පියවීමටත් දඩය ලෙස රු. 10000ක් ගෙවන්නටත් සිදුව අැත.
කොළඹ කුරුදුවත්තෙ බුලර්ස් පටුමගේ පදිංචිව සිටින ද්විත්ව පුරවැසිභාවය සහිත මහා පරිමාණ ව්‍යාපාරිකයකු වන විත්තිකරුට අයත් නිවසේ වසර ගනනාවක් විදුලිය වංචනිකව පරභෝජනය කරමින් මාසිකව ගාස්තු ගෙවා අැත්තේ රු. 2000ක් පමණකි. වායු සමීකරණ යන්ත‍්‍ර හතක් සහ වතුර උණුකරන යන්ත‍්‍ර තුනක් ඇති විත්තිකරුගේ නිවසට විදුලිය හොරෙන් ලබා ගැනීම හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට සිදුවු පාඩුව රුපියල් ලක්‍ෂ 16කට අධිකය.