தமிழ்
English
Contact
Tuesday 23rd October 2018    
මියගිය නැදැ හිතමිතුරන් සිහි කිරිමට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇත ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මියගිය නැදැ හිතමිතුරන් සිහි කිරිමට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇත !



අවුරුදු 30ක් මේ මහ පොලව මත එකම රටක මිනිසුන් දෙපාර්ශ්වයකට බෙදී වෙඩි තබමින් යුද වැදුණා මිස මල් ඉස ගත්තේ නැත. කුමන හෝ අරමුණක් මුල් කරගෙන ඔවුහු සටන් වැදී මිය ගියහ. දෙපාර්ශ්වයේම අනෙකා විසින් මරාදමන ලද අනෙකා විසින් අතුරුදන් කරවු මිනිසුන් කොපමණදැයි තවමත් ගණනය කර නොමැති තරම්ය.
නිසැකවම යුද්ධය අවසාන වන විට මිය ගිය මිනිසුන් සංඛ්‍යාව ඉතා විශාලය. තම සහෝදර සහෝදරියන් දහස් ගණනක් මියයද්දි ඒ ‘සතුට’ සමරා කිරිබත් කෑව සහ තවමත් කිරිබත් දන්සල් දෙන රටක ජනතාවක් වන අපි අප ගැන සිතිය යුත්තේ කෙසේද? බිහිසුණු යුද්ධය අවසානයේ මිය ගිය තම නැදැ හිතවතුන් සැමරිමට කවුරුන්ට වුවද අයිතියක් තිබේ. මේ දක්වා ඒය නිදහසේ සිදුකරන්නට උතුරේ ජනයාට අවස්ථාව දි නැත. තවමත් හමුදා සේනාංක කදවුරු බැද තුවක්කු මානා සිටිති. හමුදා සහ ෙපාලිස් බුද්ධි අංශ ඒම ජනයා දෙස සැකයෙන් බලමින් ඔවුන්ගේ දින චර්යාව නිරීක්ෂණය කරති. ඔවුහු සිර කදවුරක වාසය කරනවාක් මෙනි.
ඒහෙත් ඒක් දෙයක් පිළිගත යුතුව අැත. මිය ගිය මිනිසුන් සිහි කිරිමට සියලුම ජනතාවට අයිතියක් තිබේ. එය උතුරේද දකුණේද කියා වෙනසක් විය යුතු නැත. උතුරේ මෙන්ම දකුණේත් මිය ගියේ මේ රටේ මිනිසුන්ය. මෙම මිනිසුන් සිහිකිරිම ඔවුන් වෙනුවෙන් දාන මාන දීම දකුණේ වැසියන්ට මෙන්ම උතුරේ වැසියන්ටද අයිතියක් ඇත.
මෙවැනි සැමරුම් තම පටු දේශපාලන අරමුණුවලට යොදා ගන්නා දේශපාලුවන් දකුණේ මෙන්ම උතුරේද ක්‍රියා කරයි. ඒවැනි දේශපාලුවන් තැත් කරන්නේ එවැනි සැමරුම ජාතිවාදි අාවේගයන් උද්දීපනය කරන අවස්ථා බවට පත් කොට ජාතිවාදය මත ඒ් ඒ් ජාතික ප්‍රජාවන් අතර තමන්ට වාසිදායක ඡන්ද පදනමක් සාදා ගැනීමටය. උතුරට ජන සංහාරයක් ලෙස නම්කරන අතර දකුණට එය යුද විජයග්‍රහණයක් වන්නේද මේ පසුබිම තුලය.
උතුරේ ජාතිවාදය අවුස්සමින් විග්නේශ්වරන්ලා  බලය රැක ගැනිමට වගේම මහින්දලා සිදු කරන්නෙ ද ජාතිවාදය වපුරවමින් බලය ලබා ගැනිමටය. කලක් හිගන්නාගේ තුවලය වි තිබු යුද්ධය දැන් ජාතිවාදයේ චුයින්ගම් එකක් වි හමාරය. දකුණේ මෙන්ම උතුරේද මිය ගිය මිනිසුන් සිහි කිරිමට දේශපලනයෙන් තොර නිදහසක් තිබිය යුතුය. අප ඒ් මිනිස් නිදහස වෙනුවෙන් හඩ නැගිය යුතුය. මන්ද මේ මියගියවුන් සිහි කිරීමේ මිනිස් අයිතියවත් නැති සමාජයක් නම් ඒහි අප ජීවත් විය යුතු නැත. උතුරේද දකුණේද සහෝදර මිනිසුනි, නැවත හිතාපල්ලා. හොදින් අැස් හැර බලාපල්ලා. යුද්ධයෙන් මිය ගියවුන් වෙනුවෙන් මොර දෙන අැතැම් දේශපාලකයන් අත්වල ලේ තැවරි අැති බව සිතාපල්ලා. මේ දක්වා අතුරුදන්වූ දරුවන් සොයා තැන තැන උපවාස කරන, ඉඩම් යළි ඉල්ලා අරගල බිමට ඒන ජනයා ගැන කිසිවක් නොකළ ඊනියා දේශපාලකයන්ට නම් ඔබේ ප්‍රියයන් වෙනුවෙන් දල්වා අැති පහන් ඔබේ අතින් උදුරාගන්නට ඉඩ  ෙනාමදීපල්ලා.