தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
Covid-19 මීළඟ ප්‍රහාරයට සූදානම් ‌වෙමු! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

Covid-19 මීළඟ ප්‍රහාරයට සූදානම් ‌වෙමු!



ලංකාවේ ‌කොරෝනා ආසාදනයට ඒරෙහිව කටයුතු කරන ප්‍රමුඛතම ‌පෙරමුණ වන්නේ ‌සෞඛ්‍ය ‌සේවකයන් බව අමුතුවෙන් කිවයුතු ‌නොවේ. දිවා රාත්‍රි ‌වෙහෙස වී කටයුතු කරන ඔවුන්, ‌කෝවිඩ් 19 ‌වෛරසයේ ආසාදනයට ‌ගොදුරු වුවහොත් ඇති විය හැකි තත්වය කුමක්ද? ‌මේ කිසිවකු බියපත් කිරීමේ අදහසින් මතු කරන්නක් ‌නොව, ඉතාලියේ වාසය කරන ලාංකිකයකු විසින් ඉතාලියේ අත්දැකීම් මත සිදුකරන පුරෝකථනයකි. ‌කොරෝනා ‌වෛරසයේ ප්‍රහාරයට සමාජයක් ‌ලෙස ඒක්ව සටන්කරන අතර මීළඟ ප්‍රහාරයට අප සූදානම් විය යුතුය. ඉතාලියේ සිට ‘ලංකාවීව්ස්’ ‌වෙත ‌මේ සටහන ලියූ ‘හිල්මි සුපුන්’ අවධාරණය කරන්නේ ඒයයි.

(උපුටාගැනීමේදී කර්තෘ අයිතිය සුරකින්න)

කොරෝනා වෛරසයට එරෙහිව සේවය කරන සෞඛ්‍ය සේවකයන් ආරක්ෂා කිරීම ලංකා ආණ්ඩුවේ ප්‍රමුඛ කාර්යයක් වනු ඇත. විශාල වශයෙන් වෛරසය පැතිර ගිහින් තිබෙන රටවල් මුහුණ දෙන ප්‍රධාන අර්බුදය බවට පත්වී තිබෙන්නේ සෞඛ්‍ය සේවයේ නියුතු පිරිස් සීග්‍රයෙන් මේ වසංගතය ගොදුරුවීමයි. රෝගීන් සමග සෘජුව ගණුදෙනු කරන පිරිස බවට පත්වන ඔවුන්ට සෞඛ්‍යාරක්ෂිත උපකරණ උපරිමයෙන් සලසා දෙන්න නොහැකි වුවහොත් ඉතාලිය බඳු කණගාටුදායක තත්වයකට ලංකාවටද මුහුණ දෙන්නට සිදුවනු ඇත.

වෛරසය සීඝ්‍ර පැතිරීමක් නොවන තත්වයක් යටතේ ජයග්‍රාහී අදහස්වලින් ජනතාව අමන්දානන්දයට පත් කළ හැකි මුත් යම් විදිහකින් වෛරසය සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කලොත් ඉදිරි දවස් කීපය තුළ ඊට මුහුණදීමට ලංකාවට හැකියාව ලැබේද? ඒය අප හමුවේ තිබෙන දැවැන්ත ප්‍රශ්නයක්. මේ, අවදානමට පෙර අවධානය සඳහා තියෙන සටහනක්.

ඉතාලිය වෙත අපි මඳක් හැරී බලමු

යුරෝපයේ රටවල් අතර සෞඛ්‍ය සේවා සතුටුදායක මට්ටමේ තිබුණු රටක් හැටියට ඉතාලි අපිට හඳුන්වා දෙන්න පුළුවන්. සෑම පුද්ගලයකුටම පෞද්ගලික වෛද්‍යවරයෙක් සියලු පහසුකම් වලින් සම්පූර්ණ වූ රෝහල් පද්ධතියක්, ‍ ප්‍රමාණවත් වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් ඉතාලියේ සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ හිටියා. නමුත් කොරෝනා වෛරසය නොසිතූ පිම්මක් පනිමින් සීඝ්‍රයෙන් ‘ලොම්බර්දියා’ සහ ‘වෙන තෝ’ ප්‍රාන්තවල පැතිර යද්දී එම ප්‍රාන්තවල තිබුණු රෝහල් පද්ධතියේ පරිමාව ඉක්මවා රෝගීන් රෝහල් කරා ඇදී එන්න පටන් ගැණුනා. මෙම තත්ත්වය දරාගන්නට නොහැකි තැන අලුතෙන් තාවකාලික පහසුකම් සහිත රෝහල් ඉදි කෙරුණා. අවසානයේ බරපතළ ආසාදනයට ලක් නොවූ රෝගීන්ව ඔවුන්ගේ ම නිවෙස්වල තබා ප්‍රතිකාර කරන්නට තරම් ඉතාලිය කඩාගෙන වැටුණා. ඒ විතරක් නෙවෙයි කාටද ප්‍රමුඛතාව දෙන්නේ කියන ප්‍රශ්නයට ද වෛද්‍යවරුන් මුහුණ දී තිබුණා. කෘතිම ස්වසන යන්ත්‍රය සවි කරන්නේ කිනම් වයස පරාසයක අයටද කියා තීනුදකරන්න පවා සිදුවී තිබුණා.

මේ දියුණු ධනපති රටවල්වලට මොහොතකින් දුර්වල රටක් කුඩුපට්ටම් කරලා මිනිසුන් සමූලඝාතනය කරලා රටක් අත්පත් කරගන්න හැකියාව තිබුණත්, මෙවැනි ව්‍යසනයකදී මිනිසුන් බේරා ගැනීමට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළක් නොමැත. මිලිටරිමය අවශ්‍යතා වෙනුවෙන් ඔවුන් මිසයිල පද්ධති සහ වෙඩි උණ්ඩ සූදානම්ව ගොඩගසා තබාගෙන ඉන්න ආකාරයෙන් හදිසි අවස්ථාවකදී අවශ්‍ය කරන සෞඛ්‍ය සේවා යන්ත්‍ර උපකරණ තබා නොගන්නා බවත් මේ කාරණයේ දී පැහැදිලි වෙනවා. අඩුම තරමේ හදිසි මුදල් වෙන්කර ගැනීමකින් අත්‍යවශ්‍ය උපකරණ ගෙන්වාගැනීමේ උනන්දුවක් ද ඉතාලි ආණ්ඩුවට තිබුණේ නැහැ. ප්‍රාන්ත පාලකයන සහ මහ ආණ්ඩුවේ කඹ ඇදිල්ලක් දක්වා යන තරමට ඔවුන්ට මුදල්, මිනිස් ජීවිතවලට වඩා වැඩි වටිනාකමක් විය. තවමත් නිශ්චිත වැඩපිළිවෙළක සිටිමින් කොරෝනා වෛරසය මැඩ පවත්වන්නට ගන්න ක්‍රියාමාර්ගයක් දක්නට ලැබෙන්නේ නැහැ.

මාර්තු මාසෙ 26 වෙනිදා වනවිට ඉතාලියේ නිල වාර්තාවලට අනුව වෛද්‍යවරුන් 36 දෙනෙක් මියගිහින් තියෙනවා. Covid-19 ආසාදනය වී තිබෙන ‌සෞඛ්‍ය ‌සේවක පිරිස 6205ක්. මෙය මෙතෙක් ආසාදනය වී ඇති පිරිසෙන් 9% ක ප්‍රතිශතයක්. ඒ් අනුව, ඉතාලිය මේ මොහොතේ මුහුණ දෙන දැවැන්තම ප්‍රශ්නය ලෙස ඇත්තේ රෝගීන්ට ඇප උපස්ථාන කිරීමට සිටි වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් මේ වෛරස ගොදුරු බවට පත්වීම.
ඒ් නිසා ඒම ගැටලුව, ඉදිරි කාලයේදී ලංකාව මුහුණ දෙන්නට සූදානම් වියයුතු අභියෝගයක් බව අවධාරනය කළ යුතුයි.