தமிழ்
English
Contact
Wednesday 21st August 2019    
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අවසන් කටයුතු මැයි 2 වැනිදා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අවසන් කටයුතු මැයි 2 වැනිදා



ඊයේ(29) රාත්‍රී කොළඹ පෞද්ගලික රෝහලකදී  අභාවප්‍රාප්ත වූ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා සිදු කිරීමට අවමංගල්‍ය කමිටුව තීරණය කර තිබේ.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස්ගේ දේහය තිඹිරිගස්යාය, ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ, අංක 24 දරණ ඔහුගේ නිවසේ තැන්පත් කර ඇත. ලාංකීය සිනමාව සුවිහේෂ සලකුනක් සහිතව ජාත්‍යන්තර තලයට ගෙන ගිය මේ අද්විතිය සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් වර්ෂ 1919 අප්ප්‍රේල් මස 05 වන දින කොළඹ දෙහිවල ප්‍රදේශයේදි උපත ලැබීය. කොළඹ ශාන්ත පීතර් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ හේ වයස අවුරුදු 17 දී සිය ජිවන වෘත්තිය ලෙස ජනමාධ්‍යවේදය තෝරා ගනු ලැබීය. ඩේලි නිවස් පුවත්පතේ සංස්කාරවරයෙකු ලෙස කටයුතු කළ ඔහු 1939 දී ටයම්ස් ඔෆ් සිලෝන් පුවත්පතෙහි ද සේවය කර තිබේ. අනතුරුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කෙටි කලක් සේවය කළ ලෙස්ටර් ජෙම්ස් පිරිස් පසුව 1947 වර්ෂයේදී වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තය බලා පිටත්ව ගියේය.

1952 වසරේදී නැවත මෙරටට පැමිණ, ටයිටස් තොටවත්ත සහ රජයේ චිත්‍රපට අංශයේ කළමනාකාරවරයෙකු ලෙස සේවය කළ විලි බ්ලෙක්  සමඟ එක්ව වෘර්තාන්ත චිත්‍රපටියක් නිර්මාණය කිරිමට කටයුතු ආරම්භ කළේය. 1956 වසරේදී ගැමි තේමාවක් වස්තු විෂය කර ගත් මෙරට එළිමහනේ රූගත කළ පළමු සිනමා පටය ලෙස සැලකෙන රේඛාව චිත්‍රපටය බිහිකරමින් ලෙස්ටර් ජෙම්ස් පිරිස් දේශිය සිනමාවේ විප්ලවීය වෙනසක් කළ බව විචාරක මතයයි.

අනතුරුව සංදේශය, ගම්පෙරලිය, දෙලොවක් අතර, රන්සළු, ගොලු හදවත, අක්කරපහ, නිධානය, දෑසනිසා, මඩෝල්දූව, අහසින් පොලොවට, වීර පුරන්අප්පු, බැද්දේගම, කලියුගය, යුගාන්තය, අවරගිර, වෑකන්ද වලව්ව ආදී සිනමා පට රැසක් අධ්‍යක්ෂණය කරමින් මෙරට සිනමා ක්ෂේත්‍රයේ නොමැකෙන සටහන් තැබීමට ඔහු සමත් විය.

2006 වසරේදී තිරගත වු ‘අම්මාවරුනේ‘ සිනමා පටය ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පිරිස්  අතින් අධ්‍යක්ෂණය කළ අවසන් සිනමා පටය වෙයි. මීට අමාතරව 1975 වසරේදී ගෝඩ්කින් නැමැති ඉංග්‍රීසි සිනමා පටය අධ්‍යක්ෂණය කළ අතර තවත් කෙටි චිත්‍රපට කිහිපයක් ද ඔහු විසින් අධ්‍යක්ෂණය කර තිබේ. මෙරට සිනමාව වෙනුවෙන් සිදු කළ අග්‍රගන්‍ය සේවාව වෙනුවෙන් දේශිය මෙන්ම ජාත්‍යන්තර සම්මාන රැසකින් ද ලෙස්ටර් ජෙම්ස් පිරිස් පිදුම් ලැබීය.

ඔබ ගම්පෙරළිය, රන්සළු, දෙලොවක් අතර, ගොලු හදවත, නිධානය ඇතුළු කෘති තුළින් සිනමා කැමරාව පෙනෙන යථාර්ථයේ සීමාවේ සිට ජීවිතයේ අති සියුම් ගැඹුරු ඉසව් වෙත ගෙන ගිය මේ අසහාය සිනමාකරුවා සිනමාව යනු අතීතයේ කලාව හෝ වර්තමාන කලාවේ නිමග්නවීම නොව අනාගතය උදෙසා මෙහෙයවනු ලබන කලාකරුවාගේ පරමාදර්ශී පරිකල්පනය බව සිනමාකරුවන්ට මෙන්ම රසික ප්‍රජාවට ඉගැන්වීය. එහෙත් ආචාර්ය ලෙස්ටර්, නිතරම තමන් හමුවන රාජ්‍ය නායකයන්ට අවධාරනය කළ සිනමා සංරක්ෂනාගාරයක් හා සිනමා ඇකඩමියක් බිහිකිරීමට ඔහු අවසන් හුස්ම හෙළන තුරු නොහැකි විය. අවසන් හුස්ම හෙළන විට 99 හැවිරිදි වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වෙත රාජ්‍ය ගෞරව සහිතව අවසෙන් කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.