தமிழ்
English
Contact
Saturday 18th August 2018    
පෞද්ගලික බස් වර්ජනයට මුහුණ දෙන්න ලංගම නිවාඩු අහෝසියි, මෝටර් කාර්මිකයනුත් රිය ධාවනයට ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පෞද්ගලික බස් වර්ජනයට මුහුණ දෙන්න ලංගම නිවාඩු අහෝසියි, මෝටර් කාර්මිකයනුත් රිය ධාවනයට !



අද(16)  මධ්‍යම රාත්‍රියේ අාරම්බ කරන්නට නියමිත පෞද්ගලික බස් වැඩවර්ජනයට මුහුණ දීම පිණිස ලංගම ඩිපෝවල සියලුම සේවක නිවාඩු අවලංගු කර අැත.

ඒ් අනුව සියලු ලංගම රියදුරන්, ෙකාන්දොස්තරවරුන් සහ කාර්මිකයන් අනිවාර්යයෙන් සේවයට පැමිනිය යුතු බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන පවසයි. ඔහු පවසන අාකාරයට ලංගම මෝටර් කාරිමිකයන්ද රිය ධාවනයට යෙදවීමට සිදුවනු අැත. ලංගම අයත් බස් රථ 6100ක් පැවතියද රියදුරන් ලෙස අැත්තේ 5500ක් බැවින් අනෙක් බස් ධාවනයේ යෙදවීමට කාර්මිකයන්ද රියදුරු අසුනට කැදවන්නට නියමිතය. ඒසේම බරවාහන රියදුරු බලපත් සහිත අය බස් ධාවනය සදහා ඒක් කරගන්නා ලෙස ඩිපෝ කළමණාකාරවරුන්ට උපදෙස් දුන් බවද ලංගම සභාපති කියයි.