தமிழ்
English
Contact
Friday 16th November 2018    
වරදකරුවන් මරා දැමීම නීතියට අනුව කිරීමට කැබිනට් අනුමැතිය - නාහිමිවරුත් ඒකගයිලු! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වරදකරුවන් මරා දැමීම නීතියට අනුව කිරීමට කැබිනට් අනුමැතිය – නාහිමිවරුත් ඒකගයිලු!



මත්ද්‍රව්‍ය සම්බන්ධ ‌ෙචෝදනාවලට වරදකරුවන්ව මරණීය දණ්ඩනය හිමිවූවන් මරණයට පත්කිරීමට ආණ්ඩුව ගත් තීරණයත් සමග මරණ දඩුවම සම්බන්ධයෙන් නැවත සාකච්ඡාවක් ආරම්භ වී තිබේ.

ඊයේ (10) ඇමති මණ්ඩලය විසින් ‌ෙමෙම තීරණය ‌ෙගෙන ඇති බවද පුජ්‍ය පක්ෂයේ ඇතැම් ප්‍රධානින්ගෙන්ද ඊට අනුමැතිය හිමිවූ බවද ප්‍රකාශයට පත්ව තිබේ. බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පවසන ආකාරයට මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ඒකමතික අවධානය යොමුව ඇත.  ඇමතිවරයා වැඩිදුර අදහස් පළ කරමින් ඉතිහාසයේ පළමුවරට මෙවැනි යෝජනාවක් සඳහා කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරු සියලු දෙනාගේ සහයෝගය ලැබුණ බවත් කිසිවෙකුත් එයට විරෝධය නොදැක්වු බවද කියයිි. මත් කුඩු ගෙනෙමින් බන්ධනාගාරයේ සිටම රට විනාශ කරන පුද්ගලයින් කෙසේ හෝ නැති කළ යුතු බවත් එයට කැබිනට් මණ්ඩලයේම සහයෝගය හිමිවීම විශේෂත්වයක් බවත් අමාත්‍යවරයා මෙහිදී නැවත වරක් කියා සිටියේය.

මෙම තීරණය ක්‍රියාත්මක කිරීම සිදුවුවහොත් මරණ දඩුවම ක්‍රියාත්මක කරණ රටවල් 53ක් අතරට ලංකාවද ඒක්වනු ඇත. දැනට ‌ලෝකයේ රටවල් 106ක් මරණ දඩුවම ප්‍රතික්ෂේප කර ඇත. ‌මෙරට මරණ දඩුවම නීතිගතව තිබුණද 1976 සිට ක්‍රියාත්මක කර නැත. වරදක් නිවැරදි කිරීමට පුද්ගලයකුට අයිතියක් තිබිය යුත් බව යුක්තිය සම්බන්ධ පිළිගැනීමකි. ඒසේ වරදකරුවකුට නැවත සිතා බලන්නට හා නිවැරදිවීමට අවස්ථා ‌ෙනොදී මරා දැමීම නිසා පුද්ගලයකු නිවැරදි කිරීම සම්බන්ධ අදහස ප්‍රතික්ෂේප කරනු ලබයි. විශේසයෙන් අවිහිිංසාව හා අන්‍යයන් සම්බන්ධ සහනශිලිත්වය පිලිගන්නා රටකදී මරණ දඩුවම යළි ක්‍රියාත්මක කිරීම හා අපරාධ වැඩිවීම සම්බන්ධ නැවත සිතා බැලිය යුතුව ඇත.