தமிழ்
English
Contact
Saturday 26th May 2018    
මැතිවරණ ප්‍රතිඵලය ප්‍රමාදවීම ගැන මහින්ද දේශප්‍රිය කරුනු දක්වයි ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මැතිවරණ ප්‍රතිඵලය ප්‍රමාදවීම ගැන මහින්ද දේශප්‍රිය කරුනු දක්වයි !



පළාත්පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීමේදී සිදුවන ප්‍රමාදය සම්බන්ධව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය නිවේදනයක් නිකුත් කරමින් කරුනු දක්වා අැත.

ඔහු ඒහිදී සදහන් කරන අාකාරයට ඡන්ද මධ්‍යස්ථානවල හා කොට්ඨාශවල ඡන්ද ගණන් කිරීම් අවසන් වී ප්‍රතිඵල තේරීම්භාර නිලධාරීන් වෙත ෆැක්ස් සහ දුරකථන හරහා ලැබී ඇති නමුත් අතින් ගෙන එන ප්‍රතිඵල ප්‍රකාශ සසඳා බැලීමට තේරීම්භාර නිලධාරීන්ට සිදු වී ඇති බැවින් ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වී අැත.

එකම කොට්ඨාශයේ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේ දී තැපැල් ප්‍රතිඵල එකතු කර ප්‍රකාශ කර ඇති නමුත් සමහර ස්ථානවල තේරීම්භාර නිලධාරීන්ට ෆැක්ස් මඟින් ඒවා ඇත්තේ ප්‍රතිඵල වාර්තා දෙකෙන් එකක් පමණක් බැවින් සමස්ත ප්‍රතිඵලය සකස් කිරීමේ දී නැවත නැවතත් පරීක්ෂා කිරීමට තේරීම්භාර නිලධාරීන්ට සිදුවී ඇති හෙයින් ද ඒ ඒ පළාත් පාලන ආයතනවල සමස්ත ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට තවත් සැලකිය යුතු වේලාවක් ගත වනු ඇති බව ද මහින්ද දේශප්‍රිය මහතා නිවේදනය මඟින් දන්වා තිබේ.

තවද පළාත් පාලන ආයතනයක සියලූම කොට්ඨාශවල ප්‍රතිඵල තේරීම්භාර නිලධාරීන් දත්ත පද්ධතියට ඇතුළත් කරන තෙක් එම පළාත් පාලන ආයතනයේ සමස්ත ප්‍රතිඵලය මාධ්‍ය වෙත නිදහස් කිරීමට හැකියාවක් නොමැති බව ද සඳහන් වෙයි.

කෙසේෙවතත් මැතිවරණය අවසන් වීමෙන් පසුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ජනමාධය හමුවේ ප්‍රකාශ කළේ රාත්‍රි 9.00 වනවිට පළමුවැනි ඡන්ද ප්‍රතිඵලය නිකුත් කළ හැකිවනු අැති බවයි. ඒහෙත් සිදුවූෙය් ඔහු කී අාකාරයට ප්‍රතිඵල නිකුත් කිරීම නොව පැය 4ක් පමණ ප්‍රමාද වී නිල ප්‍රතිපලය නිකුත් වීමය. දැන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රමාදයට අදාළ හේතු දක්වමින් සිටී. ඒහිදී දක්නට ලැබෙන්නේ ඔහු ඒම සාධක පිළිබද කළින් සලකා බලා නැති බවයි. මෙයින් පැහැදිලි වන්නේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධව වැරදි ගණන් බැලීමක් කර අැති බවයි.