தமிழ்
English
Contact
Friday 20th July 2018    
වර්ෂා කාලයේ ඩෙංගු යළි පැතිරීමේ අවදානමක් - මල්පැනි බොන මදුරුවා සිංදුවක් විතරයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වර්ෂා කාලයේ ඩෙංගු යළි පැතිරීමේ අවදානමක් – මල්පැනි බොන මදුරුවා සිංදුවක් විතරයි!



ඊසාන දිග මෝසම් වර්ෂාව සමග වර්ෂාව ව්‍යාප්ත වෙමින් පවතින දිස්ත්‍රික්කවලින් පටන් ගෙන රටපුරා යළිත් ඩෙංගු රෝගය පැතිර යාමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

මේ අතර පසුගිය කාලය තුළ සතියකට වාර්තා වූ 10,000ක් පමණ වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මේ වනවිට 1500 දක්වා අඩු වී ඇතැයි ඩෙංගු මර්දන වැඩසටහන සඳහන් කරයි. පසුගිය කාලයේ ඩෙංගු මර්දනය සඳහා ජනාධිපති කාර්ය සාධක බළකාය, ත්‍රිවිධ හමුදාව, ‍පොලීසිය, ප්‍රජා සෞඛ්‍ය කණ්ඩායම් යොදවා තිබුනු අතර වැටලීම්, දඩ ගැසීම් හැර මදුරු ව්‍යාප්තිය පාලනය කිරීමේ විධිමත් සැලැස්මක් නොතිබිණි.

වත්මන් ජනාදිපතිවරයා සෞඛ්‍ය ඇමතිව සිටි කාලයේදී කියුබානු බැක්ටිරියාවක් ආනයනය කිරිම ගැන සැලසුම් ප්‍රකාහයට පත් වුවද එය ක්‍රියාවට නැගුනේ නැත. ඉන්පසුව විවිධ කාලවල විවිධ යෝජනා ගෙන එන නමුත් ඩෙංගු තුරන් කිරිමේ නිශ්චිත ප්‍රතිපත්තියක් හෝ වැඩපිලිවෙළක් ආණ්ඩුවට නැත. විද්වත් අදහස් විමසමින් ක්‍රියාකාරි වැඩසටහනක් සදහා වත්මන් සෞඛ්‍ය ඇමතිවරයාට ගෙන ආ යෝජනා නිශ්ඵල බවට සෞඛ්‍ය ක්ෂේත්‍රෙය්  ඇතැම් නිලධාරිහු ප්‍රකාශ කරති. අවසානයේ ‘මල්පැණි බොන“ මදුරුවකු පිළිබද මතයක් ඉදිරිපත් කරමින් සෞඛ්‍ය ඇමතිවරයා බාල ජනප්‍රියතාවක් උපයාගන්නට උත්සාහ කළද එහි අදහස ලවා වැරදියට ප්‍රකාහයට පත්කිරිමක් සිදු වූ බව අදාල සංකල්පය පිළිබද වැටහීමක් ඇති ජෛව පාලන විශේෂඥයෝ පවසති. එම සැලසුම සම්බන්ධ යෝජනාව ගෙන ආ විද්වතුන්ට ඒ සදහා අවශ්‍ය අරමුදල් හා පර්යේෂණ සහාය ලබා දී නැති බව හෙළිව තිබේ.

පවතින කාලගුණික තත්වයන් නිසා කොළඹ, ගම්පහ, යාපනය, කළුතර, කුරුණෑගල, පුත්තලම, රත්නපුරය, කෑගල්ල, ගාල්ල, මාතර, මඩකලපුව, ත්‍රිකුණාමලය, කල්මුණේ සහ මහනුවර යන දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන් වැඩිවීමේ අවදානමක් ඇතැයි ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය  හසිත තිසේරා ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි..