தமிழ்
English
Contact
Tuesday 25th January 2022    
සාම ගිවිසුමක් අත්සන් කළත් ඇමෙරිකානු හමුදා තවදුරටත් දකුණු කොරියාවේ. | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සාම ගිවිසුමක් අත්සන් කළත් ඇමෙරිකානු හමුදා තවදුරටත් දකුණු කොරියාවේ.



උතුරු කොරියාව සමග සාම ගිවිසුමක් අත්සන් කළත් ඇමෙරිකන් හමුදාව දකුණු කොරියාවේ සිටින බව දකුණු කොරියානු ජනාධිපතිවරයා පවසයි.

ඉදිරියේදී තම රට උතුරු කොරියාව සමග සාම ගිවිසුම අත්සන් කළත් සිය රටේ සිටින ඇමෙරිකන් හමුදාව තවදුරටත් රැදී සිටින බව දකුණු කොරියානු ජනාධිපතිවරයා අද දින පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත් ජනපදය සමග දකුණු කොරියාව ඉදිරියටත් සිය මිතුදම ශක්තිමත්ව පවත්වාගෙන යන බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා ඇති බව වාර්තාවේ. වසර ගණනාවක සිට දෙරට අතර පවතින ආරක්ෂක, වෙළද හා රාජ්‍යතාන්ත්‍රික යන අංශයන්ගේ ද්විපාර්ශවික ගිවිසුම් හා එකගතාවයන් සියල්ල තවදුරටත් ඉදිරියට පවතින බව එහිදී ඔහු අවධාරණය කර තිබේ.

කොරියානු අර්ධද්වීපය තුල න්‍යෂ්ඨික අවිවලින් තොර කළාපයක් කිරීමේ අරමු‍‍ණෙන් පසුගිය සිකුරාදා උතුරු හා දකුණු කොරියානු  නායකයින් දෙදෙනා අතර ඓතිහාසික හමුවක් සිදුවිනි. මෙම හමුව සදහා චීනය හා රුසියාව මහත් පරිශ්‍රමයක් දැරීය. එක්සත් ජනපදයේ නොයෙකුත් ප්‍රකෝප කිරීම් හමුවේ පවා සාමකාමීව මෙම ගැටලුව විසදා ගැනීමේ අටියෙන් රටවල් ගණනාවක් හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ මැදිහත්වීමක් කරමින් මෙම දද්විපාර්ශ්වීය නායක හමුව සාර්ථක කර ගැනීම සදහා කැප විය. දෙරට අතර නායකයින් දෙදෙනෙකු අතර මෙසේ හමුවක් සිදුව ඇත්තේ මීට වසර 11කට පෙරදීය. 1953 වසරේ කොරියානු යුද්ධය ඇතිවීමෙන් පසුව උතුරු කොරියානු නායකයකු දකුණු කොරියානු සීමාවට පැමිණි ප්‍රථම අවස්ථාවද මෙය වෙයි.