Posted on 06.20.2022 by Sajith Saranga in දේශීය පුවත් with 0 Comments
පසුගියදා ඉල්ලා අස් වූ බැසිල් රාජපක්ෂ වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නම් කළ හා මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කළ ධම්මික පෙරේරාගේ පත්වීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අධිකරණය විසින් තීන්දුවක් ලබා දෙන තුරු තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ හෝ අමාත්‍ය ධූරයක දිවුරුම් නොදෙන බවට කුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් අධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන්නේය.
බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පොහොට්ටුව පක්ෂය විසින් යෝජනා කරන ලද ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත් කිරීමේ තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා අද දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරිණි. ප්‍රියන්ත ජයවර්ධන, යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේක යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බැලුනු අතර, මෙහිදී ධම්මික පෙරේරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොමේෂ් ද සිල්වා විසින් මෙම ප්‍රතිඥාව සම්බන්ධයෙන් අධිකරණය දැනුම්වත් කළේය.
පෙත්සම සලකා බැලීම හෙට දිනට කල් තැබිණි.