தமிழ்
English
Contact
Saturday 18th August 2018    
මහින්ද කියන කෙනා තමයි අපටත් ජනාධිපති අපේක්ෂකයා - ඩිලාන් පෙරේරා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහින්ද කියන කෙනා තමයි අපටත් ජනාධිපති අපේක්ෂකයා – ඩිලාන් පෙරේරා



2020 ජනාධිපතිවරණයෙදි ඒක්සත් ජාතික පක්ෂයට විරුද්ධව අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සම්බන්ධ කාර්යභාරයේ 90%ක්ම මහින්ද රාජපක්ෂ සතුවන බවද ඒ් නිසා මහින්ද ශක්තිමත් කිරීම තම අරමුණ බව හිටපු අැමති ඩිලාන් පෙරේරා පවසයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමන් හමුවූ අවස්ථාවේ ප්‍රකාශ කළේ අපේක්ෂකයකු නම්කරන තුරු ඉවසිලිමත්ව ඉන්නා ලෙස බැවින් ඒ් සදහා අපේක්ෂාවෙන් සිටින බවද ඊයේ (11) සිය නිවසේ පැවති මාධ්‍ය හමුවකදී ඩිලාන් පැවසීය.  ඒසේම මහින්ද රාජපක්ෂ නම්කරන අපේක්ෂකයා වටා මෛත්‍රීපාල ජනාධිපති පිරිවරා ඉන්න පක්ෂයේ සෙසු පිරිසද ගොනු කරන්න අවශ්‍ය බවද ඔහු කියා සිටියේය.

ඔහු ඒ් සම්බන්ධව වැඩිදුරටත් අහස් පළ කරින් මෙසේ කීය.

“හැබැයි 2020 ජනාධිපතිවරණය වනතෙක් ඒ සඳහා ඉන්න ඕන නැහැ. අපේ 16 දෙනාගේ කණ්ඩායම කල්පනා කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිධුරයේ ඉන්න ගමන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමා  අගමැති කරන්න ඕන කියන මතයේ. එතකොට ඔය එක එක සාත්තර කාරයන්ගේ කීම අහලා එක එක අගමැති සිහින මවාගෙන ඉන්න හාල් පාරුවන්ටත් දැනෙයි ඇත්තටම අගමැති විය යුත්තේ කව්ද කියලා. ඇත්තටම අගමැති විය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතායි. ඒ කාරණය කරන්න මෛත්‍රීපාල සිරිසේන  ජනාධිපති කාලයේම එතුමා කැමති කරවා ගැනීමේ කාර්යය තමයි 16 දෙනාගේ කණ්ඩායමේ පරමාර්ථය.”