தமிழ்
English
Contact
Saturday 16th February 2019    
දැරියන් 18ක් අපයෝජනය කළ බවට ළමා නිවාසයක රියැදුරුට චෝදනා ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දැරියන් 18ක් අපයෝජනය කළ බවට ළමා නිවාසයක රියැදුරුට චෝදනා !



දෙහිවල ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක නව යොවුන් වියේ දැරියන් 18 දෙනකු අපයෝජනයට ලක් කළ බවට පැමිනිල්ලක් ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබී ඇත.
2015 වසරේ සිට විවිධ ලිංගික හිරිහැර සිදුකළ බවට දරුන් නුස්රා ළමා නිවාසයේ පාලිකාවගේ ස්වාමි පුරුෂයාද වන එහි සේවය කළ 62 හැවිරිදි රියැදුරකුට චෝදනා එල්ල වී තිබේ. දැරියන් විසින් පැමිනිලි කර ඇත්තේ පාසල් ගෙන යන අතරතුර රියැදුරා විසින් සිදුකරන හිරිහැර පිළිබද පාලිකාවට පැමිණිලි කළද ඒ ගැන එතරම් ගණන් නොගන්නා ලෙස පිලිතුරු ලැබුනු බවයි. එසේම මෙම සිදුවීම් පිළිබද ළමා නිවාසය පාලනය කරන ආයතනයේ මැදිහත්වීම දුර්වල බවද ඒ පිළිබද පාලක කමිටුවේ සාකච්ඡා කිරීමට උනන්දු වූ එහි සභාපතිනියට අවහිර කරමින් එය යටපත් කිරීමේ උත්සාහය නිසා ඇය ඉල්ලා අස්වූ බවද දැනගන්නට ඇත.
කෙසේවෙතත් මේ පිළිබද කළ මූලික පරික්ෂණවලදී ළමා නිවාසයේ බාලිකාවන්ගේ කාමර ඇතුළු විවිධ ස්ථානවල ආරක්ෂක කැමරා සවිකර තිබුණු බව පොලිසිය පවසයි. රියැදුරා අත්අඩංගුවට පත් වූ පසුව ඔහු සහ පාලිකාව ආයතනයෙන් ඉවත් කරන්නට පාලකයන් කටයුතු කර ඇත. පොලිසිය විසින් චූදිත රියැදුරා අත්අඩංගුවට ගත්තද නිසි විමර්ශනයකට සාක්ෂි නොලැබීම නිසා පසුව නිදහස් කර ඇත. තවද පැමිනිලි කිරීමෙන් පසුව පරිවාස භාරයට ගනු ලැබූ දැරියන් නැවත එම ළමා නිවාසය වෙතම භාර දී ඇත. මේ සම්බන්ධ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ මීළග නඩුවාරය දෙසැම්බර් 7 වැනිදාට යෙදී තිබේ.