தமிழ்
English
Contact
Saturday 18th August 2018    
නියඟයේ බලපෑම නිසා  තුන් ලක්ෂයක් පීඩාවෙන් - දිස්ත්‍රික්ක පහක ජනතාවට වගාවන්ට දැඩි බලපෑම් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නියඟයේ බලපෑම නිසා  තුන් ලක්ෂයක් පීඩාවෙන් – දිස්ත්‍රික්ක පහක ජනතාවට වගාවන්ට දැඩි බලපෑම්



මේ වනවිට දිස්‌ත්‍රික්‌ක පහකට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ (12 දා) වනවිට පවුල් 85,983කට අයත් පුද්ගලයන් 271,958ක් ආපදාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසයි.

වයඹ, උතුරු මැද සහ උතුරු පළාත්වල පුත්තලම, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව සහ මන්නාරම යන දිස්‌ත්‍රික්‌කවලට මෙම වියළි කාලගුණ තත්ත්වය බලපා තිබේ. මින් වැඩිම පිරිසක්‌ පීඩාවට ලක්‌ව ඇත්තේ වයඹ පළාතේ වන අතර එහි පවුල් 82,022අයත් පුද්ගලයෝ 252,944ක් නියගයේ බලපෑමට ලක්‌ව සිටිති.




Related News