தமிழ்
English
Contact
Saturday 26th May 2018    
ජේ.ආර්. වෙඩි තියද්දී අත් නොහැරපු කම්කරු දිනය උඹලගෙ තොඳොල් ආණ්ඩුව කිව්වට වෙනස් කරන්නේ නෑ! - දුමින්ද නාගමුව | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජේ.ආර්. වෙඩි තියද්දී අත් නොහැරපු කම්කරු දිනය උඹලගෙ තොඳොල් ආණ්ඩුව කිව්වට වෙනස් කරන්නේ නෑ! – දුමින්ද නාගමුව



ජාත්‍යන්තර කම්කරු දිනය මැයි 1 වැනිදා ඒහි අැත්ත අයිතිකරුවන්ට හිමිව අැති බවත් ජේ.අාර්. විසින් වෙඩි තියමින් මර්දනය ගෙන ඒද්දී පවා අාරක්ෂා කළ කම්කරු දිනය මෙවැනි තොෙදාල් අාණ්ඩුවකට නවත්වන්න ඉඩ නොදුන් බවත්  පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

‘ඇත්ත වෙනසකට වමේ බලයක්’ යන තේමාවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මැයි 1 වැනිදා කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්වූ ජාත්‍යන්තර කම්කරු දින රැළියේදී මේ බව ප්‍රකාශ කෙරිණි. පෙ.ස.ප. කම්කරු ව්‍යාපාරය සංවිධානය කරන කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව ඒහිදී කළ සම්පූර්ණ අදහස් දැක්වීම අැසුරින් මෙම සටහන් පළ වේ.

“මැයි 1 වැනිදා ආණ්ඩුව කළ තහනම නොතකා ජාත්‍යන්තර කම්කරු දිනය සමරන්නට අප හා එක්ව සිටින ආදරණීය සහෝදරියනි, සහෝදරවරුනි,
ඊයේ ඉඳලා ප‍්‍රචාරය ගෙන එයනවා විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයක් එනවාලූ. හෙට අනිද්දා බූරු ගහන තැන්වලත් කියන්න පුළුවන් විද්‍යාත්මකව බූරු ගහනවා කියලා. විද්‍යාත්මක කියලා මේ ගොල්ලෝ කියන්නේ කොළ කූට්ටම අනන එකට.
දිනයේ ඇත්ත අයිතිකරුවන්ට දිනයේ අයිතිය ලැබිලා තිබෙනවා. අපි කියනවා මේක එදාටම කරන්න ඕන. මේක නිකම්ම නිකං දිනයක් නොවෙයි. බොහෝ දිනවලට අපි ගරු කරනවා. ජාත්‍යන්තර කම්කරු දිනය කියන්නේ නිකං ලැබුණු එකක් නොවෙයි. ලෝකයේ කම්කරුවෝ ලේ හලලා දිනා ගත්ත දිනයක්.
හූවක දුරින් කැබිනට් එක දිවුරුම් දෙන්නේ. ඒ ගුබ්බෑයමට ඇහෙන්න කියලා අපිෙ කියනවා, කිස්තිසිරි සහෝදරයා, ලෙස්ලි සහෝදරයා ජීවිතය දීලා රැුක ගත්ත මැයි දිනය, ජේ.ආර්. වෙඩි තියද්දී අත් නොහැරපු මැයි දිනය උඹලගෙ තොඳොල් ආණ්ඩුව කිව්වට වෙනස් කරන්නේ නෑ. කම්කරුවො වැඩියෙන්ම ගැවසෙන තැනකට, කොටුව දුම්රිය පොළ ඉදිරියට අපි ආවා මැයි දිනය සමරන්න.
දැන් අගමැතිටයි, ජනාධිපතිටයි බඬේ අමාරුව. ඇයි? අයිඑම්එෆ් එක දීපු ගුලි කාලා. නායකත්වය වෙනස් කරනවාලූ, අරවා කරනවා මේවා කරනවා. ඒත් අර්බුදය වෙනස් වෙන්නේ නෑ.
විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවාද කිව්වම ගෝඨා එක පැත්තක. මහින්ද එ පැත්තක. බල කෑදරකම. ගෝඨා එනවට වැඩියෙන්ම බය කවුද? අපි ඔය මොකා ආවත් දේශපාලනය කරනවා. වැඩියෙන්ම බය නාමල්. පුතන්ඩියා දන්නවා බාප්පා කොහොමද වැඩ කළේ කියලා.
ජනතා විමුක්ති පෙරමුණට හදිසියේම මතක් වුණා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න. උපාය මාර්ගයක් නෑ. උපක‍්‍රමවලින් විතරක් දේශපාලනය කරන්න බෑ. අන්තිමට ඉතිරි වෙන දෙයක් නෑ. මොකක් හරි උපාය මාර්ගයක් ඕන.
විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න ඕන. ඒක ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණයක්. මේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන ලොරියේ ගහලා තියෙන්නේ බුදු සරණයි කියලා. ඇත-ළේ ඉන්නේ හොර හරක්. අපි දන්නේ නෑ, කාගෙ හොර හරක්ද මේකේ ඉන්නේ කියලා. ආවට පස්සේ බලමු කාගෙ හොර හරක්ද කියලා. මේ එන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැුකලා දෙන්න නොවෙයි. කැබිනට් එක වෙනස් කරන සතුට සමරන තෑග්ග ඊයේ ? හම්බ වුණා ගෑස් වැඩි කරලා.
එක ප‍්‍රශ්නයකටවත් උත්තර සොයන්න බෑ. ආර්ථිකය එක තැන පල් වෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙන්න බෑ. ගෝඨාභයගෙන් අහනවා, ඔයා අලූතින් එනවා නම් මොකක්ද පක්ෂයේ ලකුණ කියලා. මේ මනුස්සයා කිව්වේ මාපිලා. ලේ මාපිලා මතක් වුණේ. ගමේ භාෂාවෙන් කියනවා කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියලා. ඒකව තමයි ඇත්ත. ඒගොල්ලොන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ඒ ගොල්ලෝ ජනතාව හිතන විදිය. අපි ඒකට මුහුණ දුන්නා. ලලිත්ලා කුගන්ලා පැහැර ගත්තා. අපිට ඒවා මතකයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙන්නත් බෑ. ආර්ථික අර්බුදය විසඳන්නත් බෑ. ඒ වෙනුවට එයාලට විද්‍යාත්මක ක‍්‍රමයට කොළ සූදුව කරන්න පුළුවන්.
මේ වන විට වර්ධනය වන ආර්ථික අර්බුදය ඉවර වෙන්නේ නෑ. ලෝකේ ඉවර වෙන්නේත් නෑ. ලංකාවේ ඉවර වෙන්නෙත් නෑ. ලෝකේ ආවේ 2008. ඒ වැටිල්ල තාම යනවා. මේ අර්බුදය නිසා එක්සත් ජනපදයට තාම ආර්ථික වර්ධන වේගය උස්ස ගන්න බැරි වෙලා. යුරෝපයට බැරි වෙලා. ලංකාවට? ලංකාවටත් ඒ සන්තෑසියමයි. දැන් ණය ගෙවන්න බෑ. මේ අවුරුද්දේ මිලයනව 450ක් ණය විදියට මේ අවුරුද්දේ ගෙවන්න ඕන. ලබන අවුරුද්දේ ඩොලර් බිලියන 4.2ක්. මෙතන තමයි ප‍්‍රශ්නව පටන් ගන්න මුල. කවුරු ආවත් මේ ප‍්‍රශ්නයට උත්තර දෙන්න ඕන. රාජපක්ෂ ඇයි ඡුන්දය කලින් කැඳෙව්වේ. එයා දන්නවා ඊළඟ අවුරුදු දෙකේ තුනේ මේ අර්බුදය එනවා. ඒ නිසා තමයි කලින් ඡුන්දය තියලා අත් පිහදා ගත්තේ. දැන් ජනාධිපතිවරණයක් ඉල්ලන්නේ නෑ.
මේ අර්බුදයට කර ගහන්න වෙන්නේ කම්කරුවන්ට, ගොවියන්ට, ශිෂ්‍යයන්ට කාන්තාවන්. මේ රටේ ජනතාවට. ඒ නිසා තමයි ඇත්ත වෙනසකට වමේ බලයක් කියලා අපි ගත්තේ. මේ අර්බුදය ආවාම කවුරුත් හිතනවා වෙනසක් ඕන කියලා. ඒ කිසිම වෙනසක්ව ඇත්ත වෙනසක් නොවෙයි. ඇත්ත වෙනසක් කරන්න නම් වමේ බලයක් ඕන.
එක්සත් ජනපදය සහ චීනය අතර වෙළෙඳ යුද්ධයක් ඇවිත් තිබෙනවනා. ට‍්‍රම්ප් කියනවා චීන බඩු 1033කට බදු ගහනවා කියලා. චීනය එතකොට කියනවා, එහෙම කළොත් ඔයාලාගේ භාණ්ඩාගාර බිල්පත්වල අපේ ඩොලර් ටි‍්‍රලියන 1.3ක් තියෙනවා, අපි ඒක එළියට අදිනවා කියලා. ලෝකය තියෙන්නේ මේ කඳවුරු අතර බල ගැටුමක්. ඒකේ ප‍්‍රතිඵලය ලෝකය යුද අවදානමකට පියවර තබමින් ඉන්නවා. ඇල්බට් අයිස්ටයින්ගෙන් එක වතාවක් ප‍්‍රශ්නයක් අහනවා, තෙවැනි ලෝක යුද්ධයක්ව වෙනවා නම් කොහොමද වෙන්නේ කියලා. අයිස්ටයින් කියනවා, තුන්වැනි ලෝක යුද්ධය කොහොම වෙයිද කියලා මං දන්නේ නෑ. නමුත් හතර වෙනි ලෝක යුද්ධයක් වෙනවා නම් ඒක වෙන්නේ පොලූ මුගුරුවලින් කියලා. ඔහු කිව්වෙ ධනවාදය විසින් ඇතිකරණ අධිරාජ්‍යවාදයේ ප‍්‍රතිඵලයක් ලෙස ඇතිවන ලෝක පරිමාණ යුද්ධයකින් මිනිස් ශිෂ්ඨාචාරය ඉවරයි කියලා.
මේ කම්කරු දිනය සමරන වෙලාවේ අපි ඉන්නේ දේශපාලන හැරවුම් ලක්ෂයක. දැන් මේ අර්බුද කතාකරන වෙලාවෙ අපේ ගෙදර තත්වය මොකක්ද? දැන් සාමාන්‍යයෙන් ගෙදර නෝනයි මහත්තයයි, ඉඩ ලැබුණු වෙලාවට එක එක ප‍්‍රශ්න කතා කරනවා. හාල් පොල් ගිනි ගණන්, ටියුෂන් එකට සල්ලි දෙන්න ඕන. එළියට ආවාම මේ කටවල් වැහෙනවා. ඊට පස්සේ කතා කරන්නේ බැඳුම්කර. රනිල්ගේ අර්බුද. මෙතන තමයි ප‍්‍රශ්නෙ තියෙන්නේ. අපි ගෙදර කතා කරන ප‍්‍රශ්නය එළියේ කතා කරන්න බැරි තරම් මහා දැවැන්ත මතයක් හදලා තියෙනවා මීඩියාවලින්. ගෙදර ප‍්‍රශ්නෙ රටේ ප‍්‍රශ්න නොවෙයි.
ඒ නිසා දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි අපේ ජීවිතයේ දැවෙන ප‍්‍රශ්න වේදිකාවට ගේන ව්‍යාපාරයක්. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඒකට මුල පුරලා තියෙන්නේ. හාල් සීයයි, පොල් සීයයි. කන්න පුළුවන්ද? මීට අවුරුදු තුනකට කලින් ඩොලර් එකකින් පොල් ගෙඩි හතරක් ගන්න පුළුවන්. දැන් පොල් ගෙඩියයි බාගයක් ගන්න පුළුවන්. හතර දෙනෙක්ගේ පවුලක තුන් වේල කන්න, හාල් පොල් ටිකට විතරක් රුපියල් 9000ක් යනවා. මේක රටේ ප‍්‍රශ්නයක් නොවෙයිද? අද කවුදඃ හාල් මාෆියාව තියාගෙනක යන්නේ. ජනාධිපතිගේ ඥාතීන්. වී කිලෝව තුට්ටු දෙකට ගන්නේ. නමුත් හාල් ගිනි ගණන්. මේ ප‍්‍රශ්නයට උත්තර හොයන්න බෑ ඇයි? මේ රටේ වැඩකරන ජනතාවගේ වැටුප් වැඩි කර ගන්න ක‍්‍රමයක් නෑ. 2008 ඉල්ලපු 10,000 ලැබුණේ 2015. 2015 ඉඳන් ජීවන අංකය 112 සිට 121 දක්වා වැඩි වෙලා තිබෙනවා. ඒ වැඩිවීමට අනුව වැටුප් වැඩි වෙන්න ඕන, අවම වශයෙන් රාජ්‍ය, පෞද්ගලික, වතු, රුපියල් 5000කින්. අද කම්කරු ව්‍යාපාරයේ තියෙනවාද? වැටුප් වැඩ කර ගන්න සටනක්. නෑ. බැඳුම්කර මැක්කා ගැන විතරක් නොවෙයි ඉතිරි මැක්කො ගැනත් කතා කරන්න ඕන.
ධනපති කෙරුමන්ගේ ආදායම වාර්තාවක් එළියට ආවා. පහුගිය අවුරුද්දේ ප‍්‍රධාන සමාගම් 100 ශුද්ධ ලාභය, බුද ගෙවුවටත් පස්සේ ලාභය බිලියන 200ක්. නිල ඇඳුම කැපුවා. නිල ඇඳුම් දෙන්න යන්නේ බිලියන 2යි. සමාගම් 100 ලාභය බිලියන 200යි. ඔන්න ඒ ගොල්ලොන්ගේ මඩි තර වෙන විදිය. ඒ ගොල්ලන්ගේ වත්කම් 16%කින් වැඩි වෙලා. අපේ වත්කම් වැඩි වෙනවද? නෑ. මේ රටේ ජනතාවගේ සාරය උරා බොන මැක්කෝ ගැන කතා කරන්නේ නෑ.
ජනතා විමුක්ති පෙරමුණේ වංචා දූෂණ ගැන සටන් පාඨයම වංචාවක්. ධම්මික පෙරේරාගේ වෘත්තීය සිමිතවල වෘත්තීය සිමිත හදලා තියෙන්නේ කවුද? ධම්මික පෙරේරා එක අතක් ආණ්ඩුව ඇතුළේ. අනෙක් අත ජනතා විමු්ති පෙරමුණ ඇතුළේ. ඒ වෘත්තිය සමිති කළමනාකරණය කරන්න. ආණ්ඩුව ආර්ථිකය කළමනාකරණය කරලා දෙනවා. ජනතා විමුක්ති පෙරමුණ වෘත්තීය සමිති කළමනාකරණය කරනවා.
හේලීස් එකේ වත්කම බිලියන 3යි. පහුගිය අවුරුද්දේ 26%කින්, හතරෙන් එකකින් වත්කම් වර්ධනය වෙලා. අපිට ආවා ටූටාල් එකේ වෘත්තීය සිමිතය, සියැට් එකේ වෘත්තීය සමිතිය. සාමූහික ගිවිසුම් අත්සන් කරලා තිබෙනවා ජවිපෙ කම්කරුවන් පාවා දීලා. නිවාඩු අඩු කරලා. සියැට් එකේ වැටුප් වැඩි වෙනවා, කලින් කෑලි 200යි නම් දැන් 230ක් කරන්න ඕන. දැන් කියනවා වංචා දූෂණ කරන්නේ නෑ කියලා. නමුත් ලොකුම වංචාව, දූෂණය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ වෘත්තීය සමිති ඇතුළේ.
ඒ කාලේ අපිට යුද වියදම පෙන්නුවා. යුද්ධයය ඉවර වුණොත් සෞඛ්‍යයට, ආධ්‍යාපනයට දෙන්න පුළුවන් කිව්වා. දැන් යුද්ධය ඉවර කරලා අවුරුදු නවයක් වෙනවා. 2009 බිලියනව 289යි. මේ අවුරුද්දේ බිලියන 290යි. ආරක්ෂක අමාත්‍යාංශයට වෙන්ව කරන මුදල වැඩි කරලා. ජාතික ප‍්‍රශ්නයට කවුරුහරි නැගිටිනවා නම් ඒක තුවක්කුවෙන් මර්දනය කරන්න බෑ. ඕනෑම මිනිහෙක් පෑගෙන කොට නැගිටිනවා. පාගලා ජාතික සමගිය හදන්න බෑ. මේ උණ්ඩ, තුවක්කු පාවිච්චි කළේ 88 89 60 දාහක් මරන්න.
වම වර්ධනය වුණේ නැත්නම් මේ අර්බුදය අන්ත දක්ෂිණාංශික අන්තයකට යන්න පුළුවන්. මේ රටේ කම්කරුවො මර්දනය කරන්න ඔය ලෝඞ් කරන්නේ. මිනිස්සුන්ට ජීවත් වෙන්න සල්ලි වෙන් කරපල්ලා. කොළඹ මහ රෝහලේ හෘද රෝ ඒකකය වහලා. අර පූච්චානම් කියන රාජිතට කියනවා, ඉස්සෙල්ලා ඒක ඇරලා හිටපන්. ඇයි වහලා තියෙන්නේ වහලෙන් වතුර බේරෙන නිසා. ඖෂධ ප්‍රතිපත්තිය ගෙනාවා, මිල අඩු කළා කියලා පෝස්ටර් ගැහුවා. මොකද කළේ සමාගම්වලට ලාභ ලැබෙන විදියට ගැහුවා ගුණ්ඩුවක්.
නිදහස් අධ්‍යාපනය ඉල්ලන්න අපිට ශුද්ධ වූ අයිතියක් තිබෙනවා. 88% සාමාන්‍ය ජනතාව බදු ගෙවනවා. ධනපති කෙරුමෝ ගෙවන්නේ 12%යි. පහුගිය කාලේ ගෙනාවා බදු පනතක්. මොකක්ද මේ බදු පනත. මේ රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය, තාක්ෂණය, කෘෂිකර්මාන්තය තුළ කවුරු හරි මහා පරිමාණ විදියට ආයෝජනය කරලා තිබෙනවා නම් බද්ද 14%යි. මොනරාගල ඩෝල් කම්පැණිය දැවැන්ත සමාගමක්. ඒකෙ ලාභයට ගහන්නේ 14%යි. කවුරු හරි නුවර එළියේ මල් වවන, ඒ මල් ටික මෙහෙට ගෙනල්ලා විකුණන කෙනෙක් ඉන්නවා නම් 24%ක බද්දක් ගහනවා. ඔන්න වික‍්‍රමසිංහලා මැද පන්තිය ලොකු කරපු විදිය. ඔන්න සුළු කර්මාන්තකරුවාට, සුළු ව්‍යාපාරිකයාට කරලා තියෙන දේ. කාවද රැකලා තියෙන්නේ? කොතෙන්ටද පුදලා තියෙන්නේ? මහා ධනපති සමාගම්වලට බෙදලා තියෙන්නේ.
පොත් ප්කා‍රශකයන්ට කරපු වැඬේ බලන්න. කර්තෘභාගයට 14%ක බද්දක් ගැහුවා. පොතක් ලියන මිනිහෙක්ට ලැබෙනව රුපියල් 10න් 1.40ක් ගන්න එක මොන අමන වැඩක්ද? වෘත්තිකයන්ට බදු ගහලා. අවුරුදු 18ට වඩා වැඩි හැමෝටම ටැක්ස් ෆයිල් එකක් දෙනවා. මේක සම්මත කරද්දී ඒකාබද්ධ විපක්ෂයයි, ජනතා විමුක්ති පෙරමුණයි සනීපෙට හිටියා. ඒකාබද්ධ විපක්ෂය මොකක්ද කකිව්වේ, පිං කැටවලට බදු ගහනවා කිව්වා. ජනතා විමුක්ති පෙරමුන කිව්වා ඊ.ටී.එෆ්. ඊ.පී.එෆ්. එකට දෙපාරක් බදු ගහනවා කියලා. ආණ්ඩුව කිව්වා අපි දෙපාරක් බදු ගහන්නේ නෑ. එක පාරයි ගහන්නේ කියලා. ජනතා විමුක්ති පෙරමුK නිහඬයි. දේශීය ආදායම්බදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිතිය විතරයි විරෝධය පළ කළේ. නමුත් ඒ ගොල්ලේ ගත්තේ ප‍්‍රශ්නෙ එක පැත්තයි.
සමෘද්ධිය කප්පාදු කරන්න ගහපු චක‍්‍රලේඛයේ මොකක්ද තියෙන්නේ. උසස් පෙළ සමත් වුණු කෙනෙක් වුණු කෙනෙක් ඉන්නවා නම් පවුලක දෙන්න එපා සමෘද්ධිය. සාමාන්‍ය පෙළ සම්ත වුණු දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා නම් සමෘද්ධිය දෙන්න එපා. සතියකට පාරක් මස් හරි මාලූ හරි කනවා නම් සමෘද්ධිය කපන්නලූ. 2020දී දුප්පත-න් නැති කිරීමේ ව්‍යායාමය. ගෙදර වහල ස්ථිර නම් සමෘද්ධිය කපනවා. ඒ කපපු කැපිල්ලට එරෙහිව විශාල වෛරයක් ආණ්ඩුවට විරුද්ධව නිර්මාණය වුණා. රාජපක්ෂලා ආවාට මේක වෙනස් වෙන්නේ නඃ. මූල්‍ය අරමුදල දුන්නු පරිප්පුව කනවා නම් මේක වෙනස් වෙන්නේ නෑ. වැඩිහිටි දීමනාව කැපුවා. වැඩිහිටියෝ දෙන්නෙක් ඉන්නවා නම් නිවසේ, ඒ දෙන්නා විවාහක නම් එක්කෙනෙකුට දෙන්න එපා කියලා. වැඩිහිටි දීමනාව ගන්න දික්කසාද වෙයං කියලා කියන්නේ.
මෙහෙම කපන්න කපන්න තව තව හම්බ කරන්න වෙනවා. වැඩ කරන්න වෙනවා. හේමාකට් අරගලය ඉල්ලූවේ පැය අටක වැඩ දිනයක් විතරක් නොවෙයි. පැය අටක් වැඩ කරලා, පැය අටක් නිදාගෙන, පැය අටක් අඹු දරුවෝ එක්ක ඉන්න ජීවිතයක් දීපං කියලා ඉල්ලූවේ. දැන් එහෙම ජීවිතයක් තියෙනවාද? මහබැංකුවේ සංඛ්‍යා ලේඛනවල තියෙනවා, දවසට පැය 12ක් වැඩකරන කම්කරුවෝ ඉන්නවා කම්කරු පන්තියෙන් 1/3ක්. දවසෙන් බාගයක් වැඩ පොළේ. මේකෙන් ගුරුවරු ගැලවිලාද? ඉස්කෝලෙ උගන්වනවා පනිනවා ටියුෂන් එකට. ගුරුවරුත් ගැලවිලා නෑ.
මානසික ආතතිය කොහොමද? මානසික ආතතිය නිසා ඇති වෙලා තිබෙනව ලෙඩ රෝගවලල තත්වය මොකක්ද? මේ රටේ ජනතාවගෙන් 10%ක් මානසික රෝගී තත්වයකින් පෙළෙනවා. මොකක්ද ප‍්‍රශ්නෙ? කොහෙන්ද ප‍්‍රශ්නෙ ආවේ. වැඩකරන්න කඹුරන්න මුළු ජීවිත කාලයම කැප කරන්න වුණු එකෙන්. සමාජ ජීවිතයක් නෑ. ඒ නිසා සතුටක් නෑ. මේ උගුලේ වැටිලා ඉන්න රාජ්‍ය සේවකයාට මොකද කරලා තියෙන්නේ. විශ‍්‍රාම වැටුප ඉවරයි. 2016 සිට බැඳුණු අයට විශ‍්‍රාම වැටුප කැපුවා. අපි රාජ්‍ය සේවකයන්ට කියනවා, මේකට විරුද්ධව නැගිටින්න කියලා. වෘත්තිය සමිති ව්‍යාපාරය පොල් ගානවා. වැඩ වර්ජනයක් කරලා අඩු තරමින් මේක පස්සට දාන්න බැරි වුණා. මැයි පළවෙනිදා එපා හත් වෙනිදා කරන්න කිව්වාම, හා සර් කියලා බාර ගත්ත. එහෙම ව්‍යාපාරයකට පුලූවන්ද කම්කරු පන්තියට නායකත්වය දෙන්න.
ඒ නිසා වැඩකරන ජනතාවට නිවැරදි නායකත්වයක් දෙන්න අවශ්‍යයි. අද අපේ සමාජයේ සියලූ ජනයා විඳිමින් ඉන්න පීඩාව අවසන් කරමින් ජීවිතය වඩා යහපත් කිරීම අපි හැමෝටම අවශ්‍යයි. ඒ සඳහා ඇති මාවත සමාජවාදයයි. වමේ බලයක් නිර්මාණය කරමින් සමාජවාදය කරා ගෙනයන්න සටන් විදිමු. ලාංකීය විප්ලවයට ජයවේවා. සමාජවාදයට ජය වේවා, වැඩකරන ජනතාවට ජයවේවා, කම්කරු පන්තියට ජයවේවා, ජයවේවා, ජයවේවා.”