தமிழ்
English
Contact
Tuesday 25th July 2017    
ප්‍රබල භූමිකම්පාවකින් ග්‍රීසියට හා තුර්කියට හානි « Lanka Views | Views of the truth

ප්‍රබල භූමිකම්පාවකින් ග්‍රීසියට හා තුර්කියට හානි




අද පාන්දර හටගත් ප්‍රලබ භූමිකම්පාවකින් ග්‍රීසියේ හා තුර්කියේ තිදෙනෙකු මියගොස් තවත් සිය ගණනකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තාවේ.

මෙසේ තුවාල ලබා ඇත්තේ පැරණි විශාල ගොඩනැගිලි කඩාවැටීමේදී ඒවාට යටවීමෙන් බව වාර්තාවේ. මෙම භූමිකම්පාව දැඩිව බලපා ඇති ග්‍රීසියේ කොස් දිවයිනේ විශාල ලෙස ගොඩනැගිලි විනාශවී ඇති බව වාර්තාවේ.

අගියාන් මුහුදු ප්‍රදේශයේ තුර්කි වෙරළට ආසන්න ග්‍රීසියට අයත් කොස් දිවයිනට ඊසානදිගින් මෙම භූමිකම්පාට සිදුව ඇති බව වාර්තාවේ. රිට්ටාමාපක 6.7 ප්‍රබලත්වයකින් යුත් මෙම භූමිකම්පාව පොළොව අභ්‍යන්රයේ කි.මි10ක ගැඹූරකින් සිදුව ඇති බව එ.ජනපද භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසා ඇත.

තුර්කියේ සංචාරකයින්ගේ දැඩි ආකර්ශනයක් ඇති වෙරළාසන්න ප්‍රදේශයේ විදේශිකයින් ඇතුළු පුද්ගලයෝ 100 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව තුර්කි මාධ්‍ය වාර්තා කර ඇත.

අද දින පාන්දර 1.31 ට පමණ සිදුව ඇති මෙම භූමිකම්පාව බලපෑ ප්‍රදේශවල සිටි ජනතාව දිවයෑම හා වෙනත් ස්ථානවලට යෑමට උත්සාහ දැරීමෙදීද විවිධ අනතුරුවලට ලක්ව ඇති බව විදෙස් මධ්‍ය වාර්තා කරයි.



Related News