தமிழ்
English
Contact
Sunday 28th February 2021    
ලංකාවේ වන අලි ජාවාරම පිළිබඳ ප්‍රථම විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාව එළිදකී! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලංකාවේ වන අලි ජාවාරම පිළිබඳ ප්‍රථම විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාව එළිදකී!



මෙරට වනාන්තර වල ජීවත්වන අලි පැටවුන් නීති විරෝධී ලෙස අල්ලා මුදලට විකිණීමේ ජාවාරම පිළිබඳව දෙස් විදෙස් පර්යේෂණ කණ්ඩායමක් විසින් ඒකාබද්ධව සිදුකළ ප්‍රථම විද්‍යාත්මක අධ්‍යයනයේ ප්‍රතිපල අඩංගු පර්යේෂණ පත්‍රිකාව පසුගියදා ප්‍රකාශයට පත්කරන ලදී.

‘Illegal Capture and Internal Trade of Wild Asian Elephants (Elephas maximus) in Sri Lanka’ යන හිසින් පළකර ඇති එම පර්යේෂණ පත්‍රිකාව ලොව ප්‍රකට විද්‍යා සඟරාවක් වන Nature Conservation හි 42 කලාපයේ 2020 නොවැම්බර් 03 දින පළකර ඇත. 2008 ජනවාරි මස සිට 2018 දෙසැම්බර් දක්වා කාලසීමාව තුල මෙරට තුලින් වාර්තාවූ වන අලි පැටවුන් වනාන්තර වලින් ඇල්ලු බව වාර්තාවූ සහ එසේ අල්ලාගෙන පුද්ගලික භාරකාරීත්වයේ රඳවාගෙන සිටි බවට සැක කරමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු බලයලත් ආයතන මගින් අත්අඩංගුවට ගනු ලැබූ අලින් 55 දෙනෙකු පිළිබඳව පර්යේෂකයන් මෙම අධ්‍යයනයේදී කරුණු අනාවරණය කර ඇත.

අතුරු සෙවණ වෙත වාර්තා වීමට ප්‍රථම එම අලි පැටවුන් තම ග්‍රහණයට ගෙන ජාවාරම් කිරීමට ද ජාවාරම්කරුවන් විසින් කටයුතුකර ඇත. එසේම මෙසේ ජාවාරම් කරනු ලබන අලින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතුව සිටි දූෂිත පුද්ගලයන්ගේ මාර්ගයෙන් වංචා සහගත ලෙස ලියාපදිංචි කරගෙන ඇති බව පසුගිය විශ්ලේෂණ වාර්තා පදනම් කරගනිමින් පර්යේෂකයින් අනාවරණය කරයි. උඩවලව සහ රුහුණු (යාල) ජාතික උද්‍යාන, කටගමුව අභයභූමිය, හම්බන්තොට වන අලි කළමනාකරණ ප්‍රදේශය, ගල්ගමුව, මහව සහ වීරවිල යන ප්‍රදේශ වලින් මෙසේ ජාවාරම්කරුවන් විසින් අලින් අල්ලා ඇති බවට සෘජු සාක්ෂි ඇති බව පෙන්වාදෙන පර්යේෂකයින් ඊට අමතරව හබරණ ප්‍රදේශයේ වනජීවී රක්ෂිතවලින්ද අලින් අල්ලා ඇති බවට සම්මුඛ සාකච්ඡා මගින් හෙළිවී ඇති බව පවසයි.

අධ්‍යයනයට භාජනයවූ දස වසරක කාලසීමාව තුල ජාවාරම්කර ඇති බවට මෙම අධ්‍යානය මගින් අනාවරණය වී ඇත්තේ අලින් පනස් පස් දෙනෙකු පමණක් වුවත් එය බොහෝ විට ඊට වඩා ඉහළ අගයක් ගැනීමට ඉඩ ඇති බවයි පර්යේෂකයන්ගේ අදහස. සාමාන්‍යයෙන් උඩවලව ඇත් අතුරු සෙවණ වෙත යොමු කරෙන අලි පැටවුන්ගෙන්ද සියයට හතළිහක් පමණ මරණයට පත්වන බව පෙන්වාදෙන පර්යේෂකයන් සඳහන් කරන්නේ එවැනි පශුවෛද්‍ය සත්කාර රහිත ජාවරම්කරනු ලබන අලි පැටවුන් අකාලයේ මරණයට පත්වීමට වැඩි ඉඩක් ඇති බවයි. තවද මෙවැනි නීතිවිරෝධී සහ සංවිධානාත්මක වනජීවී ජාවාරමකට අදාළ දත්ත රැස් කිරීමට ඇති ප්‍රායෝගික අපහසුවද එසේ අඩු අලින් ප්‍රමාණයක් වාර්තා වීමට හේතු විය හැකි තවත් කරුණකි.
තවද තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යවරයෙකු විසින් ඉදිරිපත්කළ අංක16/2204/708/017-1 සහ 2016 ජූලි 4 දිනැති සහ අග්‍රාමාත්‍යවරයා සහ තවත් අමාත්‍යවරුන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කළ අංක PMO/CM/44/2019 සහ 2019 සැප්තැම්බර් 10 දිනැති කැබිනට් පත්‍රිකාද මීට නිදසුන් වශයෙන් පර්යේෂකයන් ඉදිරිපත් කරයි.
වන අතර මෙරට ගෘහාශ්‍රිතකරණය කළ අලින් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිට එකී කරුණු අන්තර්ගත කිරීමෙන් නීති විරෝධී වන අලි ජාවාරම වළක්වා ගැනීමට හැකිවෙතැයි පර්යේෂකයන් අපේක්ෂා පළකරති.