Posted on 01.11.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වත්මන් ආණ්ඩුව විසින් ගෙන යන ඇතැම් පිළිවෙත් සලකා බලන විට තමන් දායක වී බලයට ගෙන ආවේ වෙන්දේසි සමාගමක්දැයි සැක උපදින බව ඇල්ලේ ගුණවංශ හිමි පවසයි.
අද(11) කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකිණීමේ ක්‍රියාවලියට විරෝධය පළ කිරීමේ බලවේග ඒ්කරාශි වූ අවස්ථාවේදී ඇල්ලේ ගුණවංශ හිමි මේ බව පැවසූහ.
කොළඹ වරාය විකිණීමක් සිදු නොකරන බව ප්‍රකාශ කරමින් බලයට පැමිණි වත්මන් පාලකයන් දැන් ඒ කිසිවක් මතක නැති ආකාරයට කටයුතු කරන බව පැවසූ ඇල්ලේ ගුණවංශ හිමි මේ සම්බන්ධව සාමුහික වශයෙන් කටයුතු කිරීමට ඒකරාශි වූ සියල්ලන්ට ස්තුතිය පළ කළේය.
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය බේරා ගැනීමේ ජාතික ව්‍යාපාරය’ ගොඩනැගීමේ සමාරම්භක උත්සවය අද කොළඹ, සිත්තම්පලම් මාවතේ, ජේඑම්සී ශාලාවේදී පැවැත්විණි. ඒ අවස්ථාවට වෘත්තිය සමිති, බහුජන සංවිධාන, නියෝජනය කරමින් විශාල නියෝජිත පිරිසක් සහභාගි වූහ.