தமிழ்
English
Contact
Sunday 18th November 2018    
උපාධිධාරින් 40,000න් 5000කට රජයේ රැකියා ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

උපාධිධාරින් 40,000න් 5000කට රජයේ රැකියා !



රැකියා විරහිත උපාධිධාරින් ගෙනගිය දීර්ඝ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස උපාධිධාරින්ට රැකියා  ලබාදීමේ වැඩසටහනක් අාරම්භ කරන්නට අාණ්ඩුව තීරණය කර ඇත.

ඒහි පළමු අදියරේ දී දැනට රැකියා විරහිතව සිටින උපාධිධාරීන් 40,000ක් අතුරින් 5,000 කට කඩිනමින් රැකියා ලබාදීම සඳහා ඉදිරිපත් කර තිබු කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී අැත. නියමු ව්‍යාපෘතියක් ලෙස පළමු අදියර සඳහා 2016 දක්වා වන උපාධිධාරීන්ගෙන් 5000 කට රජයේ රැකියා කඩිනමින් ලබාදෙන බව ප්‍රකාශ කර අැති අතර ඉන්පසුව ඉතිරි උපාධිධාරින් පිරිසට ද රැකියා ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

උපාධිධාරින් මහපාරේ අරගල කරමින් රැකියා පුරප්පාඩුවලට තමන් බදවා ගන්නා ලෙස අාණ්ඩුවට බලකර සිටියහ. ඒහෙත් අැතැම් පාර්ශ්ව ඔවුන්ට අවලාද නැගුවේ උපාධිධාරින් සියල්ලටම රජයේ රැකියා දෙන්නට අාණ්ඩුව බැදී නැති බවයි. මේ වනවිට රජයේ රැකියා ලබාදීමට අාණ්ඩුව කටයුතු කිරීමෙන් ‘උපාධිය අයිතියක්’ යන අදහස අැතිව ඒ්කාබද්ධ රැකියා විරහිත උපාධිධාරි සංගමය දිවයින පුරා ගෙන ගිය අරගලය සාධාරණ බව පිළිගන්නට අාණ්ඩුවට සිදුව අැති බවක් පෙනී යයි.

දැනගන්නට ලැබී ඇති පරිදි මෙසේ උපාධිධාරීන් 5000ක් සම්මුඛ පරික්ෂණ කැදවා ඒහිදී ලබාගන්නා ලකුණු පදනම් කරගෙන බදවාගන්නට අාණ්ඩුව කටයුතු කරයි. ඒහෙත් රැකියා විරහිත උපාධාධාරි සංගමය ඒම තාවකාලික යෝජනා පිලිගන්නට සූදානම් නැත. රැකියා විරහිත උපාධිධාරි සංගමය විසින් ඉල්ලා සිටින්න්නේ උපාධිධාරීන් 20000ක් ජුලි 2 වැනිදා බදවාගෙන ඉතිරි උපාධිධාරීන් සැප්තැම්බර් මස රැකියාගත කරන ලෙසයි.  මේ සම්බන්ධව කරුණු ඇතුළත් කොට අගමැතිවරයාට සහ අමාත්‍යාංශයට ජුනි 11 – 14 දිනයන් තුළ අභියාචනයක් යවන්නට එම සංගමය කටයුතු කර අැත. උපාධිධාරින් කණ්ඩායම් කර දුර්වල ිකිරීමටත් රජයේ රැකියා පිළිවෙතටත් එරෙහිව සියලු රැකියා විරහිත උපාධිධාරීන්හු මෙසේ කියති. තවද ඉල්ලීම් අනුව වැඩි පිරිසකට රජයේ රැකියා හිමි නෙවන්නේ නම්, ජුනි 18 සිට රටපුරා විරෝධතා ක්‍රියාමාර්ග ආරම්භ කරන බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය පවසයි.