தமிழ்
English
Contact
Tuesday 22nd May 2018    
ඡන්දයෙන් පත්කළ මන්ත්‍රීවරු පාලනය කරන්න පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා ජනාධිපතිගේ අරමුණ ඉටු කර ගනී ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඡන්දයෙන් පත්කළ මන්ත්‍රීවරු පාලනය කරන්න පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා ජනාධිපතිගේ අරමුණ ඉටු කර ගනී !



ජනාධිපතිවරයා සතු බලතල ප්‍රකාරව පාර්ලිමේන්තු සැසිය අවසන් කිරීමේ අරමුණ ලෙස පෙනී යන්නේ විපක්ෂයේ අසුන් ගැනීමට අපේක්ෂාවෙන් සිටි ශ්‍රීල.නි.ප. අැම.ිවරුන් ඒයින් වැළැක්වීම බවට දේශපාලන අංශවල අදහස වී අැත.

අප්‍රේල් 11) පදවිවලින් ඉල්ලා අස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිස ලබන අප්‍රේල් 19 වෙනි දින පාර්ලිමේන්තුව රැස් වූයේ නම් විරුද්ධ පක්ෂයේ අසුන් ගැනීමට නියමිතව තිබිණ. ව්‍යවස්ථාවේ 70 (4) අනු වගන්තිය මගින් පැවරෙන බලය අනුව, පාර්ලිමේන්තුව වාරාවසාන කරන්නට ජනාධිපතිට හැකිය. පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම මගින් මෙතෙක් පැවති කමිටුවල කටයුතු හෝ නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ කටයුතු අත්හිටවීමක් සිදු කළ හැක්කේ පාර්ලිමේන්තුව විසිනි.  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම මගින් රජයේ කටයුතුවලට කිසිදු බාධාවක් නොමැති බවය. කල්තබන ලද අවස්ථාවක එතෙක් අවසන් කිරීමට නොහැකි වූ ඕනෑම කටයුත්තක් ඉදිරි සැසිවාරයේදී පවත්වා ගෙන යාමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට ඒ සඳහා හැකියාව  අැත. ඒ් අනුව පාර්ලිමේන්තු ැසිය අවසන් කිරීමට ගත් තීරණයේ ඒකම ප්‍රතිඵලය ජනාධිපතිට විරෝධය පළ කරමින් විපක්ෂ්‍යේ අසුන් ගන්නට සිටි අැමතිවරු 16ට ඒ් සදහා අවස්ථාව අහිමි කිරීමය. නැවත රැස්වන අවස්ථාෙව්ෙදී වුවද ඒසේ විරුද්ධ පක්ෂයෙ අසුන් ගන්නට ඒම අැමිතවරුන්ට අවස්ථාව අැති නමුත් ඒ් වනවිට තත්වය කලමනාකරණය කරන්නට ජනාධිපතිවරයා කල්පනා කරන බවක් පෙනී යයි.

පාර්ලිමේන්තුව යනු රටේ නීති හදන සහ ජනතාව වෙනුවෙන් තීන්දු ගෙන රට පාලනය කරන ස්ථානය ලෙස සැලඛුණද ඒය අවශ්‍ය අවස්ථාවල අවශ්‍ය ලෙස හැසිරවීම මගින් ජනතාවට අවශය දේ වෙනුවට පාලකයන්ට අවශ්‍ය බල තුලනයන් ගෙන ඒන්නට හැකියාව තිබේ.