தமிழ்
English
Contact
Sunday 20th January 2019    
ETI තැන්පත්කරුවන් 24,000කගේ මුදල් අනතුරේ - මහබැංකුවට චෝදනාවක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ETI තැන්පත්කරුවන් 24,000කගේ මුදල් අනතුරේ – මහබැංකුවට චෝදනාවක්!



එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ආයතනයේ(ETI )සිය මුදල් තැන්පත් කළ 24,000ක් දෙනාගේ මුදල් මේවන විට අනතුරුදායක අවදානමක පවතින බව එම තැන්පත්කරුවෝ ඊයේ(7) මාධ්‍ය හමුවක් කැදවමින් පවසති.

වසර ගණනක් ETI ආයතනයේ තැන්පතුවල අවදානම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් අනතුරු අගවා තිබියදී අවශ්‍ය පියවර නොගත් මහබැංකුව අවසානයේ  ආයතනය ද්‍රවශීලතා අර්බුදයේ ගිලෙන විට එහි පාලනය භාරගෙන තැන්පත්කරුවන්ට කීවේ ආයතනයට අයත් වත්කම් වෙන්දේසි කරමින් තැන්පතු ගෙවීමට පියවර ගන්නට හැකි බවය. එහෙත් මේ දක්වා එම ආයතනයේ වත්කම් සම්බන්ධ පියවර ගැනීමට මහබැංකුව අපොහොසත්වීමෙන් තම තැන්පතුවලින් 70%ක් අවදානමක පවතින බව තැන්පත්කරුවන්ගේ සංගමයේ නියෝජිත අනූෂා ජයන්ති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළාය. ETI තැන්පත්කරුවෝ අද දින හයිඩ් පිටියට එක්ව මේ සම්බන්ධ සාකච්ඡා කරන්නට සූදානම් බවද ඇය ප්‍රකාශ කළාය.