தமிழ்
English
Contact
Saturday 18th August 2018    
සූදානම් වන්න, රාජපක්ෂලාගේ සැකකරුවන් ඝාතන ක්‍රමය යළිත් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සූදානම් වන්න, රාජපක්ෂලාගේ සැකකරුවන් ඝාතන ක්‍රමය යළිත් !



රාජපක්ෂ පාලනය යටතේ මහත් බිහිසුනු ප්‍රවණතාවක් බවට පත්වූ විවිධ මට්ටමේ අපරාධ සැකකරුවන් පොලිස් වෙඩි පහරින් මියයාම නැවතත් උත්සන්න වෙමින් තිබේ.

ඊයේ (09) දහවල් මහනුවර අාසන්න මඩවල ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි තැබීමකින් මරණයට පත්වූහ. පොලිසිය පවසන අාකාරයට මෙසේ මරා දමා අැත්තේ මාකඳුරේ මධුෂ් නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ අපරාධ කටයුතු මෙහෙය වූ පුද්ගලයින් දෙදෙනෙකි. මෙවැනි මරා දැමීම් සම්බන්ධව නිධිමත් පරික්ෂන කිසිදා සිදු නොවන අතර යුද බිමකදී සිදුවන මරණයක් වැනි නිහඩතාවයක් අැතිකර වගකිව යුතු සාමය අාරක්ෂා කිරීමේ හා යුක්තිය පසිදලීමේ අංශ මෙම සැකකරුවන්ගේ මරණ සම්බන්ධව කිසිදු වගකීමකින් ක්‍රියාත්මක නොවේ.  මෙය පැහැදිලි ලෙසම මානව හිමිකම් අපරාධ ගනයට ගැනිය හැකි තත්වයකි. සැකකරුවන් වන නිසාම ඒසේත් නැතිනම් සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් වන නිසාම ඔවුන්ගේ මරණ විනිශ්චයකින් තොරව අමතක කල නොහැකිය. මරණයට පත් වූ අාකාරය සහ මරණයට වගකිව යුතු පුද්ගලයන් අධිකරණයට ගෙනැවිත් මරා දැමීමකින් තොරව මෙහෙයුම අවසන් කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නට නොහැකි වූයේ අැයිද යන්න කිසිදා විමර්ශනයකට ලක් නොවේ.

මෙවැනි අපරාධකරුවන් වෙත අැති සමාජ විරෝධය පාවිච්චි කරමින් වග විභාගයකින් තොරව පුද්ගලයන් මරා දමන්නට සමාජ අනුමැතියක් අනියමින් හිමිව අැත. ඒසේ සැකකරුවන්ට ඒල්ල වන ගිනි අවි නැවත සමාජයේ වෙනත් සාමාජිකයකුට හදිසියේ ඒල්ල විය හැකි බව අවධානයට ගත යුතුව අැත. මහින්ද රාජපක්ෂ පාලනය යටතේ අාරක්ෂක අමාතයංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ යටතේ කොළඹ පමණක් නොව රටපුරා විවිධ සැකකරුවන් සම්බන්ධයෙන් මෙවැනි ඝාතන වාර්තා විය. විශේෂ කාර්ය බලකාය හෝ වෙනත් අතුරු හමුදාවල සන්නද්ධ ඒ්කක විසින් සිදුකළ මෙහෙයුම්වලදී ඔවුන් පළායාමට තැත් කිරීම හෝ ගිනි අවි ක්‍රියාත්මක කිරීමට උථ්සාහ කිරීම නිසා වෙඩි තබා මරා දමන ලද බවට වාර්තා කෙරිණි. රාජපක්ෂ පාලනය අවසන් කර ‘යහපාලනය’ උදෙසා ජනතාව වත්මන් පාලනය පත් කරගත් නමුත් වසර තුන හමාරක් අැවෑමෙන් නැවත වරක් වගකීම් විරහිත ලෙස සැකකරුවන් ඝාතනය කිරීමේ ප්‍රවණතාවක් මතුවෙමින් තිබේ.