தமிழ்
English
Contact
Thursday 5th August 2021    
F*** you Mr.President! කී මහාචාර්ය කද්රි ඉස්මයිල් අභාවප්‍රාප්ත වෙයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

F*** you Mr.President! කී මහාචාර්ය කද්රි ඉස්මයිල් අභාවප්‍රාප්ත වෙයි!



(TopNews) ගෝඨාභය රාජපක්ෂ පාලනය ආරම්භයේ සිටම ගෙන ගිය මර්දනකාරී නැඹුරුව නිවැරදිව විග්‍රහ කරමින් ඊට අභියෝග කළ ප්‍රමුඛ විද්වතකු වූ මහාචාර්ය කද්රි ඉස්මයිල් අභාවයට පත් විය.

1980 සමයේ වකට පැවති ජයවර්ධන ආණ්ඩුවට අභියෝග කරමින් බිහි වූ විකල්ප කණ්ඩායමේ සාමාජිකයකුව සිටි කද්රි ඉස්මයිල්, අමෙරිකා එක්සත් ජනපදයේ මිනසෝටා විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ මහාචාර්යවරයා ලෙස කටයුතු කළ අතර ලංකාවේ ජාතික ප්‍රශ්නය සම්බන්ධව අධ්‍යයන කරමින් ප්‍රගතිශීලි අදහස් ඉදිරිපත් කළ අයකු ලෙස මහාචාර්ය ඉස්මයිල් ප්‍රකට විය.

විශේෂයෙන් සුලුතර ජාතික ජන කොටස් අතර පීඩාව දේශපාලන සංස්ථාපිතයේ ගැටලුවක් ලෙස විමර්ශනයට ලක් කරමින් ඔහු ලියූ කෘති කිහිපය අතර තමිල් ජනයාට හා මුස්ලිම් ජන ප්‍රජාවට ල්ල වී ඇති දීර්ඝකාලීන පීඩාව සමාජ විද්‍යාත්මක අරුතින් මෙන්ම දේශපාලන අරුතින් බලපෑම් සහගත විය. මහින්ද රාජපක්ෂ පාලන සමයේ වත්මන් ජනාදිපතිවරයා ආරක්ෂක ලේකම්ව සිටියදී බලවත් වූ මුස්ලිම් විරෝධී ප්‍රහාර හා ඒ පසුපස සිටි අන්තවාදී කන්ඩායම් සම්බන්ධයෙන් ඔහු ප්‍රශ්න කළේය. 2014 දර්ගා නගරයේ මුස්ලිම් ප්‍රජාවට ප්‍රහාරයක් එල්ලවීම පාදක කරමින් ඔහු කළ විශ්ලේෂනය ඉන් එක් නිදසුනකි.

පසුගිය වසරේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් වසංගත සමය භාවිත කරමින් මිලිටරිකරණය ඉහළ තලයකට ගෙන ඒමත්, විශේෂයෙන් ජනතාවගේ විනය සම්බන්ධ මිලිටරි නායකත්වයක් සහිත කාර්යසාධක බලකායක් පිහිටුවීම සම්බන්ධවත් දැඩි ලෙස විවේචනය කළ මහාචාර්ය කද්රි ඉස්මයිල්, විවෘත ලෙසම ජනාධිපතිවරයා බිහිසුනු පුද්ගලයකු බව නම් කරමින් ඔහුට අභියෝග කර තිබිණි. පසුගිය වසරේ ජූනි මසදී ග්‍රවුන්ඩ්වීව්ස් වෙබ් අඩවියට ලිපියක් සපයමින් ඔහු සිය විධිමත් විවේචනය සටහන් කර තිබුණු අතර මේ දක්වා එම අදහස් අභියෝගයට ලක් කිරීමට හෝ ඔහු පළ කළ අදහස් හා සමකළ ආකාරයේ විශ්ලේෂණාත්මක විවේචනයක් මෙරට විද්වත් සමාජයෙන් මතු නොවීමද සටහන් කළ යුතුව ඇත.