தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
facebook හරහා අසත්‍ය පුවතක් ප්‍රචාරය කළ බවට චෝදනා කරමින් පුද්ගලයෙක් අත්අඩංගුවට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

facebook හරහා අසත්‍ය පුවතක් ප්‍රචාරය කළ බවට චෝදනා කරමින් පුද්ගලයෙක් අත්අඩංගුවට



කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකළ බවට චෝදනා කරමින් වැල්ලවත්ත පොලීසිය විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (06) රාත්‍රියේ එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව රූපවාහිනී වැඩසටහනට සජීවීව සම්බන්ධවෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර ඇත.

කළුබෝවිල රෝහලෙන් කොරෝනා රෝගියෙකු මුදා හැර ඇති බවට සඳහන් පුවතක් වෛද්‍යවරයෙකුගේ නමක් ද සඳහන් කරමින් ඔහු ප්‍රචාරය කර ඇති බව සඳහන් වේ. අනුව අදාළ වෛද්‍යවරයාගේ පැමිණිල්ලක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 60 හැවිරිදි පුද්ගලයෙකු බව වාර්තා වේ.