தமிழ்
English
Contact
Saturday 18th August 2018    
ඉන්ධන මිල ඉහළ දැමීම නිසා - සහන ඉල්ලා ධීවරයෝ සටනට සැරසෙති ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉන්ධන මිල ඉහළ දැමීම නිසා – සහන ඉල්ලා ධීවරයෝ සටනට සැරසෙති !



ඉන්ධන සහනාධාරයක් ලබා නොදීම නිසා පැවති මිලටම ඉන්ධන ලබා දෙන ලෙස බල කරමින් අද(01) සිට ලබන ඉරිදා(03) දක්වා ධීවර විරෝධතාවක් ප්‍රකාහයට පත් කළ බව මීගමුව, එකාබද්ධ ධිවර සමිතියේ කැදවුම්කරු ඇන්ටනී ෆොන්සේකා පවසයි.

මෙම විරෝධතා ක්‍රියාමාර්ගය නිවේදනය කරනු ලැබුවේ මීගමුව ඒකාබද්ධ ධීවර සංගම් කාර්යාලයේ ඊයේ(31) පැවති මාධ්‍ය හමුවකදීය. අාණ්ඩුව විසින් ඉන්නධන මිල ඉහළ දැමීම නිසා ධීවර ජනතාව මුහුණ දෙන පීඩාව පෙන්වා දුන් විට පැවති මිලටම ඉන්ධන ලබා දෙන බවට දුන් පොෙරාන්දුව ඉටු කරන ලෙස බලකරමින් මෙම විරෝධතා පවත්වන්නට තීරණය කළ බව බව ද ඇන්ටනී ෆොන්සේකා වැඩිදුරටත් පැවසීය. ඒ් සදහා පාලකයන්ට දින 16 ක් කල් දී තිබුණද සිභවාදි ප්‍රතිචාර නොමැති වුවද නැවත වතාවක් දින 3ක් ලබා දෙන බවත් ඔහු පැවසීය. මේ සම්බන්ධයෙන් විරෝධය පා සියලූම ධීවර ගම්මානවල කළු කොඩි ඔසවන ලෙස දැනුම් දුන් බව ද ඔහු කියා සිටියේය.

ඒ අතර, බලපිටිය , මාදුගගේ ධීවර කටයුතුවල යෙදෙන ධිවරයෝ ඉන්ධන මිල වැඩිවීමට විරෝධය පලකරමින් ඊයේ රාත්‍රි මාදු ගඟේ සිට ඔරුවල නැඟ විරෝධතාවයක නිරත විය. මෙම විරෝධතාව සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනය මඟින් සංවිධානය කර තිබුණි.