தமிழ்
English
Contact
Saturday 26th May 2018    
අධ්‍යාපන අමාත්‍යංශය පරණ පෙළ පොත් දුන්නෙ විශේෂ ව්‍යාපෘතියකටලු - පෙළ පොත් කප්පාදුවට පෙ.ස.ප. විරෝධය ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අධ්‍යාපන අමාත්‍යංශය පරණ පෙළ පොත් දුන්නෙ විශේෂ ව්‍යාපෘතියකටලු – පෙළ පොත් කප්පාදුවට පෙ.ස.ප. විරෝධය !



පාසල් පෙළ පොත් කප්පාදුව පටන් අරගෙන තිබෙන්නෙ දරුවන්ට පැරණි පොත් පාවිච්චිය සම්බන්ධ විශේෂ ව්යා්පෘතියක් ලෙස බවට අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කර ඇති නමුත් ඉදිරි වර්ෂය අධ්‍යාපන හා සෞඛ්‍ය අයිතිය සම්බන්ධ මහජන අරගලවල වසරක් වන බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය හමුවකදී ඊයේ(21) මේ බව ප්‍රකාශ කළේ එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව විසිනි. ඔහු පළ කළ අදහස් කෙටියෙන් මෙසේය.
“මේ වනවිටත් අධ්‍යාපන අමාත්‍යශයේ, ඉසුරුපාය පොත්හළට ගියොත් පෙළ පොත් ගන්න පෝලිමේ ඉන්න මව්පියන් ප්‍රමාණය දැකගන්න පුලුවන්. සාමාන්‍යයෙන් පෙළ පොත් ලබා දුන්නෙ පාසලක ශිෂ්‍ය සංඛ්‍යාව අනුව ඒ ඒ පෙළ පොත් සම්බන්ධ විදුහල්පතිවරයා විසින් පාසල් සදහා ලබාදෙන ඇණවුම අනුවයි. එසේ ඉල්ලන ඇණවුමට 85%ක පෙළපොත් ප්‍රමාණයක් පාසල්වලට නිකුත් කරනවා. ඉතිරි 15% පාවිච්චි කළ පොත්වලින් හොද තත්වයේ පවතින පොත් ලබා දෙනවා. නමුත් එහෙම ඇණවුමක් අනුව අධ්‍යපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් නිකුත්කරන ක්‍රමය දැන් සිදුවෙන්නෙ නෑ. ඒකට හේතුව තමයි මින් පෙර 85% පමණ ආණ්ඩුව විසින් ලබා දෙන පෙළපොත් ප්‍රමාණ 50% දක්වා කප්පාදු කිරීම. කලින් ඇණවුමෙන් 85% දුන්නා වුණාට දැන් දෙන්නෙ 45% පමණ පොත් ප්‍රමාණයක්. ඒ නිසා තමයි පාසල් දරුවන්ට වැඩි වශයෙන්ම ලබා දී තියෙන්නෙ කවර නැති පිටු ගැලවුනු පාවිච්චි කරලා දිරා ගිය පොත්.
අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත්කර තිබෙන නිවේදනයෙන් කියනවා මේ විදියට පොත් සැපයුම ගැන වැරදි ප්‍රචාරයක් යවන්න එපා කියලා. නමුත් මේ නිවේදනයම සැළකිල්ලෙන් කියවන කොට කාරණය පැහැදිලියි. මෙකෙ තියෙනවා 6-7 ශ්‍රේණිවලට විශේෂ ව්‍යාපෘතියක් ලෙස පරණ පොත් පාවිච්චි කිරීම සදහා වැඩපිළිවෙළක් ආරම්භ කළ බවට. දැන් පාසල් දරුවන්ට නොමිලයේ දෙන පෙළපොත් කැපීම කරන්නෙ මෙහෙමයි. නිලඇදුම් කප්පාදුව කළෙත් මේ වගේ කතා කියමින්. ආණ්ඩුව කවදාවත් කියන්නෙ නෑ පෙළපොත් මිලදී ගන්න කියලා. නමුත් එහෙම ගන්න වෙන තැනට වැඩ සිද්ද කරනවා. මේ වෙන්නෙත් ඒකමයි.
සෞඛ්‍ය සේවය පෞද්ගලිකකරණය කරන්නෙ නෑ කියනවා. නමුත් රෝහල්වල බෙහෙත් නෑ. ඒකට බාහිරින් මිලදී ගන්න වෙනවා. පරිකණ කරන්නෙ නෑ. ඒකට බාහිර රෝහල්වලට රසායනාගාරවලට යන්න වෙනවා. පොහෙර සහනාධාරය කපන්නෙ නෑ කියනවා. නමුත් ලැබෙන්නෙත් නෑ. එකම ගමේ සහනාධාර ලැබුණු අයත් ඉන්නවා, ලැබිය යුතු නමුත් නොලැබෙන අයත් ඉන්නවා. නොලැබුණූ ගොවියා හිතනවා මගෙ නමේ මුල අකුරුවල ප්‍රශ්නයක් ඇති වගේ දෙවල්. ආණ්ඩුවත් හේතු හදමින් නොදෙන එකට හේතු දක්වනවා. ප්‍රතිපාදන කප්පාදු කරනවා. ලෝක බැංකුව සහ මුල්‍ය අරමුදල ආණ්ඩුවට කියනවා අයවැය හිගය 3% දක්වා අඩු කරන්න කියලා. වෙන මොකුත් කොන්දේසි නෑ. ඒකට ආණ්ඩුව ගන්න පියවර තමයි මේ වගේ ජනතාවගේ අත්‍යවශ්‍ය සුබසාධන කප්පාදුව. විශ්‍රාම වැටුප කපන්නෙත් ඒ විදියටයි. පෙළපොත කපනවා වෙනුවට මිලදී ගන්න වැඩ හදනවා. ආණ්ඩුව කියන්නෙ පෙළපොත් එහෙම හිගයක් නෑත පොත් විකුණන්නෙත් නෑ කියලා. නමුත් මහරගම, මරදාන, ඉසුරුපාය පෙළපොත් මිලදී ගන්න මව්පියන් පෝලිමේ ඉන්වා.
ආණ්ඩුව ටැබ් දෙන්න තමයි කතා කළේ. මේ අවුරුද්දෙ ටැබ් බෙදන්න ඊළගට අමුතු පන්ති කාමර වගයක් හදන්න කතා කළා. ස්මාට් පන්ති කාමර දෙන්න තමයි කතාව. ඉදිරි දැක්මෙ තියෙන්නෙ, කට ඇරියොත් කියන්නෙ මේවා දෙනවා කියලා. ඒ වුණාට මේ අවුරුද ගානක් නොමිලයේ දුන්න දරුවන්ට අනිවාර්යයෙන් දිය යුතු පෙළපොතවත් දරුවන්ට දෙන්නෙ නෑ.
පාසල් පෙළපොත් මිලදී ගන්න මිල ගණන් පවා ප්‍රසිද්ධ කරලා. අවුරුදු ගණනකට කලින් මේ පෙළපොත්වල මිල ගණන් යොදන එකට අපි විරුද්ධ වුණාම කිව්වෙ පොතක වටිනාකම දරුවන්ට තේරුම් යන්න මේක දානවා කියලා. අපි ඒ වෙලාවෙම විරෝධය පළ කරමින් කිව්වා පළවෙනි වටයෙදි මිල ගණන් දක්වන්නෙ දෙවැනි වටයෙදි පොත මාකට් එකෙන් ගන්න වැඩ හදන්න බව. දැන් ඒ දේ සිදුවී තිබෙනවා. මේ අවුරුද්දෙ අධ්‍යාපන අමාත්‍යාශයෙන් මිලදී ගන්න දෙනවා. ඉන් පස්සෙ පෝලිම් හැදෙනවනෙ. ඊට පස්සෙ විවෘත වෙළෙදපොළේ මේ පොළපොත් විකුණන්න ආණ්ඩුව වැඩ සලස්වනවා. ඊළග අවුරුද්දෙ වෙන්නෙ ඒක. ඒක කරන්න තර්කය හදන්නෙ පෝලිම්වල ප්‍රශ්න.“