தமிழ்
English
Contact
Friday 29th May 2020    
දේශපාලන පක්ෂවල කටයුතුවලට ඉඩදෙන පියවර ගන්න - පෙ.ස.ප. පොලිස්පතිට ලියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දේශපාලන පක්ෂවල කටයුතුවලට ඉඩදෙන පියවර ගන්න – පෙ.ස.ප. පොලිස්පතිට ලියයි



මැයි මස 11වැනිදා සිට රාජ්‍ය හා පෞද්ගලික ආයතන විවෘත කිරීමේදී දේශපාලන පක්ෂවල ක්‍රියාකාරිත්වයට ඉඩ සැලසීමේ පියවර ගන්නා ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් යොමුකර ඇත.

ආණ්ඩුව පවසන ආකාරයට ආර්ථික කටයුතු මෙන්ම රටේ අනෙකුත් කටයුතු සිදු කෙරෙන අවස්ථාවක් වන නිසා දේශපාලන පක්ෂවල ක‍්‍රියාකාරීත්වය සක‍්‍රිය කළ යුතු බව පෙ.ස.ප. ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව විසින් මැයි 7 දින පොලිස්පතිවරයාට යවන ලද ලිපියේ අවධාරනයකර ඇත. කොරෝනා වසංගතය පාලනය කරන අතරතුර රටේ සාමාන්‍ය තත්වය ඇති කිරීමට ආණ්ඩුව ගන්නා පියවර අතරතුර ජූනි 20 වැනිදාට මහමැතිවරණයට දින නියමවී ඇති නිසා දේශපාලන පක්ෂවල ක්‍රියාකාරිත්වයට ඉඩකඩ ලබාදීම සම්බන්ධයෙන් එහිදී පොලිස්පතිවරයාගේ අවධානය යොමුකර ඇත.

විශේෂයෙන් මේ වනවිට දින නියමකර ඇති මැතිවරණයට සූදානම්වීමට පිණිස දේශපාලන පක්ෂයක් ලෙස ඇති අයිතිය ලබා දෙන ලෙස  එම ලිපිය මගින් ඉල්ලීමක්කර ඇත. මහමැතිවරණයේදී රටපුරා සියලු දිස්ත්‍රික්කවලට අපේක්ෂකයන ඉදිරිපත්කරන පක්ෂයක් ලෙසද එම මැතිවරණයට අදාළ කටයුතු සංවිධානය කිරීමේදී අවශ්‍යවන නීත්‍යන්කූල අවසරය ලබා දෙන ලෙස එයින් ඉල්ලා ඇත. මින් පෙර මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම වෙතද අවධානය යොමුකර ඇති බවද එහි කරුණු දක්වා ඇත.