தமிழ்
English
Contact
Saturday 26th May 2018    
අක්මාව අකර්මණ්‍ය වීමෙන් දරුවන් දෙදෙනකු මරණය අභියස -නිදහස් සෞඛ්‍ය නැති 'සුරක්ෂා' කුමකටද ? | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අක්මාව අකර්මණ්‍ය වීමෙන් දරුවන් දෙදෙනකු මරණය අභියස -නිදහස් සෞඛ්‍ය නැති ‘සුරක්ෂා’ කුමකටද ?



අක්මාව අකර්මන්‍ය වීම හේතුවෙන් නවගත්තේගම ප්‍රදේශයේ දරුවන් දෙදෙනකු වහාම අක්මා බද්ධයන් සිදුකළ යුතු වුවුද මුදල් නැතිකම නිසා ඔවුහු අවදානම් තත්වයක පසුවන බව ජනමාධය වාර්තා පවසයි.

නවගත්තේගම මහ අන්දරවැව ප්‍රදේශයේ පදිංචි අඩුඅාදායම්ලාභී පවුලක දරුවන් වන 5 හැවිරිදි ජිනුලි ජින්තරා සහ ඇයගේ 3 හැවිරිදි සහෝදරයා වන චාමික හර්ෂණ මෙසේ ජීවිත අවදානමකට මුහුන පා සිටී. මෙම දරුවන්ගේ වැඩිමහල් සහෝදර සහෝදරියන් තිදෙනෙකු කුඩා කාලයේදීම අක්මාවේ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බවද හෙළිවී අැත. ඒ හේතුවෙන් බාල දරුවන් දෙදෙනා ඉපදුණු වහාම වෛද්‍ය පරීක්ෂාවකට යොමු කළ මව්පියන්ට ඔුන්ද අක්මාව අකර්මන්‍ය වීමේ රෝගයෙන් පීඩා විදින බව දැනගන්නට ලැබී අැත. ලාබාල දරුවන් දෙදෙනා ජීවත් කරවීමට නම් අක්මා බද්ධ කිරීමක් සිදු කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කළද යුද්ධයේදී ආබාධිත වූ සෙබලකු වන මොවුන්ගේ පියාට සහ මවට ඒ සදහා වත්කමක් නොමැත. වෛද්‍යවරුන් පවසන පරිදි වැඩිමල් දැරිය වන ජිනුලිට අවුරුදු එකහමාරක් ඇතුළත අක්මා බද්ධයක් සිදුකළ යුතු අතර අැගේ බාල සොයුරු චාමිකට අක්මාවක් බද්ධ කිරීම සදහා තවත් ඉතිරිව ඇත්තේ මාස 3ක් වැනි කෙටි කාලයක් පමණි.

දැන් මව්පියන්ට ඉතිරිව අැත්තේ ඒක්කෝ දරුවන් මියයන තුරු බලා සිටීමය.  නැතිනම් දරුවන් වෙනුවෙන් මුදල් කොල්ලකෑම වැනි අපරාධකාරී ක්‍රියාවකින් විසදුම් සෙවීමය. ඒසේත් නැතිනම් පවුල පිටින් සියදිවි නසාගැනීමය. ජනතාවගේ ජීවත්වීමේ අයිතිය නිදහස් සෞඛ්‍ය සේවයත් සමග කොතරම් සම්බන්ධද යන්න පිළිබද මීටත් වඩා නිදසුන් අවශ්‍ය නැත. පාලකයන් මේ පුවතින් පසුව ඉදිරිපත් වී සුරක්ෂා ක්‍රමයෙන් අරමුදල් ලබා දෙන බව කියන්නට පවා ඉඩ අැත. ඒෙහත් සුරක්ෂා වැනි ව්‍යාජ වහන්තරා දමමින් පාලකයන් ගෙන යන ප්‍රචාරක කටයුතුවලට රැවටෙනවාට වඩා මෙවැනි සැබෑ පීඩිතයන්ගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් නිදහස් සෞඛ්‍ය අයිතින් සුරැකීම අද දවසේ අවශ්‍යතාවක්ව තිබේ.