தமிழ்
English
Contact
Thursday 21st June 2018    
නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ පෙළපාලිය පොලිස් බාධා නොතකා ඉදිරියට ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ පෙළපාලිය පොලිස් බාධා නොතකා ඉදිරියට !



අදට(8) යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් ‘විදෙස් වහල් ශ්‍රමයට කාන්තාවන් බිලිදීම නවතනු!“ යන තේමාවෙන් සංවිධානය කළ විරෝධතා පෙළපාළියක් සංවිධානය කරන ලදී.
ජයවර්ධනපුර පාර්ලිමේන්තු වටරවුම අසළින් ආරම්භ වී බත්තරමුල්ල නගරය හරහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දක්වා මෙම විරෝධතා පෙළපාලියට ආරම්භක අවස්ථාවේදී පොලිසියෙන් දැඩි බාධාවක් එල්ල කරන ලදී. උසස් පොලිස් නිලධාරින් පිරිසක් විසින් එහි පැමිණ හදිසි අවස්ථා රෙගුලාසි යටතේ පෙළපාලි යාම නීති විරෝධී බව පවසන ලදී. එහිදී නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ සාමාජිකාවන් ප්‍රකාශ කළේ කාන්තාවන්ගේ පීඩාවන් වෙනුවෙන් වසර පුරාම සටන් කළ යුතු වුවද එම පීඩාවෙන් ගැලවීමේ විරෝධතා දිනයක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය යොදාගන්නට කාන්තාවන්ට අයිතිය ඇති බවයි. කුමන නීතියක් යටතේවත් කාන්තාවන්ට අහිමි කල අයිතිවාසිකම් යළි දිනාගැනීමේ අරගලය පසුපසට ඇද දමන්නට නොහැකි බව ඔවුන් එහිදී අවධාරණය කරන ලදී. ඉන්පසුව තවත් උසස් පොලිස් නිලදාරින් එහි පැමිණ සාකච්ඡා කළද කාන්තා අයිතිවාසිකම් සදහා සටන් කිරීමේ අයිතිවාසිකම අත්හරින්නට කාන්තා ක්‍රියාකාරිනියන් එකග නොවූ නිසා අවසානයේ  පෙළපාලිය යාමේ අවස්ථාව සලසා දෙන්නට සිදු විය. ගමන් කළ අතර එහිදී විදේශ වහල්සේවයට යන කාන්තාවන් සම්බන්ධ බලධාරින්ගේ නොසැලකිල්ල සම්බන්ධව විරෝධය ප්‍රකාශ කර විරෝධතාව අවසන් කරන ලදී.