தமிழ்
English
Contact
Saturday 22nd September 2018    
නැවතත් ඉන්ධන මිල ඉහලට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නැවතත් ඉන්ධන මිල ඉහලට



අද(10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහල දැමීම සඳහා ජාධිපතිවරයාගේ අවසරය ලැබී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 08කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින්ද, ඩීසල් ලීටරයක මිල රුපියල් 09කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 10කින්ද ඉහළ දැමීමට ආණ්ඩුව තීරණය කර ඇත.

නව මිල ගණන් අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 145කට, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 155කට, ඩීසල් ලීටරයක් රුපියල් 118කට සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 129කට අලෙවි කිරීමට නියමිතය.

වත්මන් ආණ්ඩුව ධනපතියන්ට සහන ලබා දී මිල සූත්‍ර පෙන්වමින් සමස්ත ආර්ථික අර්බුධයෙහිම බර වැඩකරන ජනතාව මත පටවමින් සිටින බවට මෙවැනි තත්වයන් සාක්ෂි දරනු ලබයි.