Posted on 05.10.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අද(10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය දුන් බව හවුල් අාණ්ඩුවේ සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න පවසයි.
ඒ් අනුව ඉන්ධන ගාස්තු ඉහළ දමනු ලබන්නේ මෙසේය.
පෙට්‍රල් 92 රු.137.00
පෙට්‍රල් 95 රු.148.00
සුපර් ඩීසල් රු.119.00
ඔටෝ ඩීසල් රු.109.00
භූමිතෙල් රු. 101.00
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී ඊයේ රාත්‍රී පැවති සාකච්ඡාවකදී ඉන්ධනවල නව මිල ගණන් තීරණය වූ අතර ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් ගෙන ඒ්මේ අදහසක්ද මුදල් අැමතිවරයාගේ අවධානයට ගෙන තිබේ. ඔහු විසින් ඉකුත් මස 24 වැනිදා පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද එය ඉදිරිපත් කිරීම පිණිස කල්දමා අැත. ඉන්ධන මිල සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බැවින්, මිල සූත්‍රයක් හඳුන්වාදීම අත්‍යවශ්‍ය බව ඇමැතිවරයා කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී පවසා ඇත. කෙසේවෙතත් ඉන්ධන මිල වැඩි නොකිරීම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පත්ව ඇති මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් ඒම කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරණ ලදී.
ඉන්දියානු තෙල් සමාගම ඩීසල් හා පෙට්‍රල් මිල වැඩිකිරීමෙන් ඛනිජ තෙල් සංස්ථාව දිනකට රුපියල් මිලියන 38ක පමණ අමතර පාඩුවක් ලබන බැවින් විසඳුමක් ලබා දෙන්නැයි ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා මුදල් අමාත්‍යාංශයෙන් මීට පෙර ඉල්ලීමක් ද කර තිබිණි.
මෙම ඉන්ධන මිල ඉහළ යාමත් සමගම තවත් අංශ ගණනාවක ගාස්තු සහ භාණ්ඩ මිල ඉහළ යාමට නියමිත වන බැවින් සාමාන්‍ය ජනතාවට මෙය විශාල ජිවන වියදම් බරක් ලෙස පීඩාකාරී ලෙස බලපාන්නට නියමිතය. ඉන්ධන මිල ඉහළයාම නිසා ප්‍රවාහන, බලශක්ති සහ වෙනත් සැපයුම් සේවා ගාස්තු ඉහළ යාම සිදුවනු අැති අතර අාහාර ද්‍රව්‍ය, පිසින ලද අාහාර, අාපන ශාලාවල අාහාර ගාස්තු අැතුළු සියලු පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් ඉහළ යාමේ අවදානමක් පවතී.