Posted on 06.20.2022 by Sajith Saranga in දේශීය පුවත් with 0 Comments
ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව ඇතිවන විරෝධතා හා නොසන්සුන්කාරී සිදුවීම්වලදී අදාල පුද්ගලයින්ට එරෙහිව අවම බලය යෙදවීමට පොලිසියට අවසර දී ඇති බවත්, එවන් පුද්ගලයින්ට එරෙහිව අදාල කටයුතු කරන ලෙසත් මහජන ආරක්ෂක අමාත්‍යංශය පොලිස් ප්‍රධානීන්ට උපදෙස් ලබා දී ඇත පිරවුම්හල් ආශ්‍රිතව ඇතිවන නීතිය සහ සාමය ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් පොලිසියට මෙම උපදෙස් ලබා දී ඇති බව මහජන ආරක්ෂක අමාතයාංශය මෙහිදී සඳහන් කර ඇත.
මීට අමතරව මතුවන තත්ත්වයන් හමුවේ පොලිසියට, හමුදාවේ සහය ලබා ගැනීම සම්බන්ධයෙන් ද විශේසයෙන් සැලකිලිමත්වන ලෙසද මෙහිදී දන්වා ඇත. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ සහ පොලිස් ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍ය ටිරාන් අලස් විසින් මෙම උපදෙස් ලබා දී ඇත.