தமிழ்
English
Contact
Monday 22nd April 2019    
ගලගොඩ අත්තේ ඥානසාර, ගෝනවල සුනිල්ට සමාන බව ජනාධිපතිට සිහිපත් කරයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගලගොඩ අත්තේ ඥානසාර, ගෝනවල සුනිල්ට සමාන බව ජනාධිපතිට සිහිපත් කරයි!



අධිකරණයට අපහාස කිරීමේ වරදකරුවකු ලෙස වසර 6ක සිරදඩුවම් විදින ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව කෝට්ටේ සංඝ සභාව විසින් ජේ.ආර්. ජයවර්ධන පාලනය සමයේ ජනාධිපති සමාව ලැබූ ගෝනවල සුනිල්ට සමාන කර ඇත.

කෝට්ටේ සංඝ සභාවේ නායක මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි ඊයේ(20) කලුතර, දෙදියවල විහාරස්ථානයේ පැවති උත්සවයකදී ජනාධිපතිවරයා ඉදිරියේ කරුනු දක්වමින් දැනට සිරගතකර සිටින ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව සිය සංඝ සභාවට අයත් බවද ජේ.ආර්. ජයවර්ධන සමයේ පාතාල මැරයකු ලෙස සැළකුණු ගෝනවල සුනිල් ජනාධිපති සමාවක් මෙන්ම සාමවිනිසුරු පදවියක් ලැබූ බවද ප්‍රකාශ කළහ. තවද ජනාධිපතිවරයා ඝාතනය කිරීමට වරදකරුවකු වූ අයටද සමාව දුන් බව සිහිපත් කළ සංඝසභාවේ නායක හිමි තමන් කියන දේ ජනාධිපතිවරයාට වැටහෙනු ඇති බව පැවසීය.