Posted on 03.19.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) ලංකාවේ ආණ්ඩුවට එරෙහිව රටවල් කීපයක් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය පැවැත්වෙන ජිනීවා හි දී මාර්තු 22 සදුදා වැනි දින ඡන්ද විමසීමට නියමිතය.
මේ අතර, එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් එක්ව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව ඉදිරිපත් කරන චෝදනා සත්‍ය වසන් කොට දේශපාලන අරමුණක් සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයක් බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.
ඔහු පවසන ආකාරයට, ලංකාවට විරුද්ධව ඉදිරිපත් කරන අසත්‍ය චෝදනා පරාජය කිරීමට රජය උත්සාහ ගනු ලබන අතර, ඒ සඳහා මිත්‍ර රටවල් රැසක් අප සමඟ අත්වැල් බැඳගෙන සිටින අතර ඉන්දියාවත් ලංකාවේ ආණ්ඩුවේ සහයට ඉදිරිපත් වනු ඇතැයි විශ්වාස කරන බවය.