தமிழ்
English
Contact
Saturday 18th August 2018    
අධිකරණයට අපහාස කිරීම - ගලගොඩඅත්තේ ඥානසාර හිමිට වසර 6ක් බරපතළ සිරදඩුවම් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අධිකරණයට අපහාස කිරීම – ගලගොඩඅත්තේ ඥානසාර හිමිට වසර 6ක් බරපතළ සිරදඩුවම් !



අධිකරණයට අපහාස කළ බවට තීන්දු වූ බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව එල්ල කර ඇති චෝදනා 04ටම උන්වහන්සේ වරදකරු බව ප්‍රකාශ කළ අභියාචනාධිකරණය ඊට අදාළව වසර 19ක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කළේ වසර 06කින් ගෙවී යන අයුරින් නියම කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද(8)නිවේදනය කළේය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ අවසන් වීමෙන් පසු එම අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් ඥානසාර හිමියන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇත්දැයි විභාග කරන ලෙස එවක හෝමාගම මහේස්ත්‍රාත්, වත්මන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව අභියාචනාධිකරණය විසින් මීට පෙර කරන ලද නියෝගයකට අනුව නීතිපතිවරයා ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා 4ක් යටතේ මෙම පෙත්සම ගොනු කර තිබුණි.
මීට පෙර සන්ධ්‍යා එක්නැලිගොඩට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේට මාස 06 ක සිර දඩුවම් නියමවූ අතර, පසුව ඥාණසාර හිමියන් මුදා හැරුණේ ඇප මතය. අද ලබාදුන් තීන්දුවට එරෙහිව ඥානසාර හිමි වෙනුවෙන් අභියාචනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව උන්වහන්සේගේ නීතීඥ‍ෙවෙිසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කරණ ලදී. ඒ අනුව, මේ මස 29 වනදා ඊට අදාළව වාචිකව කරුණු දක්වන ලෙස දැනුම්දී ඇත.
අද දින නඩු විභාගයට ඇප මත සිටින චූදිත ගලගොඩඅත්තේ ඥාණසාර හිමි නොපැමිණියේ වකුගඩු ආබාධයක් හේතුවෙන් මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පස්වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන නිසා බව දන්වන ලදී. එහිදී අභියාචනාධිකරණය දැනුම්දුන්නේ උන්වහන්සේ වහාම බන්ධනාගාර භාරයට ගන්නා ලෙසයි.