தமிழ்
English
Contact
Tuesday 23rd October 2018    
දේශීය සහ විදේශ බලවේග, රාජපක්ෂ රෙජීමය සහ මුස්ලිම්වරු අතර කුඤ්ඤ ගැහුවා - ගෝඨාභය රාජපක්ෂ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දේශීය සහ විදේශ බලවේග, රාජපක්ෂ රෙජීමය සහ මුස්ලිම්වරු අතර කුඤ්ඤ ගැහුවා – ගෝඨාභය රාජපක්ෂ



දේශීය හා විදේශීය බලවේග 2015ට පෙර පැවති රාජපක්ෂ පාලනය හා මුස්ලිම් ප්‍රජාව අතර පරතරයක් අැතිවන අාකාරෙයන් කටයුතු කළ බවත් තමන්ට ඒ් සම්බන්ධව වෙනස් අාකාරයෙන් කටයුතු කළ යුතුව තිබුණා යැයි හැගෙන බවත් ගෝඨාභය රාජපක්ෂ පවසයි.
මහින්ද රාජපක්ෂ පාලනය බිද වැටීමට හේතු වූ මර්දනකාරී බලය පවත්වා ගෙන ගිය රාජපක්ෂ සහෝදරයා ලෙස ගෝඨාභය මෙම ප්‍රකාශය සිදු කළේ පසුගිය 8 වැනිදා කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවැත්වූ ඉහළ පැලැන්තියේ මුස්ලිම් ප්‍රභූවරුන්ගේ ඊෆ්තාර් උත්සවයකට සහභාගි වෙමිනි. මෙම සංස්කූතික උත්සවයේදී හිටපු අාරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා පවසා අැත්තේ දේශිය වශයෙන් හා විදේශීය වශයෙන් ක්‍රියාත්මකවන බලවේග විසින් රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමට වැඩ කටයුතු කළ බවත් අැතැම් සංවිධාන මුස්ලිම් ජනයා සහ තම සහේදරයාගේ පාලනය අතර විරසකභාවයක් අැති කිරීමේ අරමුණින් වැඩ කළ බවත්ය.