தமிழ்
English
Contact
Tuesday 23rd October 2018    
මහින්ද පාර්ශ්වයේ ජනාධිපති අපේක්ෂකයා චමල්ද ගෝඨාද? | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහින්ද පාර්ශ්වයේ ජනාධිපති අපේක්ෂකයා චමල්ද ගෝඨාද?



විවිධ පාර්ශ්වවලින් 2020 ජනාධිපතිවරණය සම්බන්ධ අදහස් පළ වෙද්දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසන්නේ තම දේශපාලන පක්ෂය විසින් තවමත් ජනාධිපති අපේක්ෂකයකු නම්කර නැති බවයි.

හිටපු ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි ලෙස වත්මන් හවුල් අාණ්ඩුව වයවස්ථා සංශෝධනය කරණ ලදී. කෙසේවෙතත් පසුගිය වසරක පමණ කාලයක් තිස්සේ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ෙගා්ඨාභය රාජපක්ෂ බව ඒ්කාබද්ධ විපක්ෂයේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනිවුන් ප්‍රකාශ කළද දිනේෂ් ගුනවර්ධන, වාසුදේව නානායක්කාර වැනි ජේ්‍යා්ෂ්ඨයන් ඒ් ගැන ඒතරම් ප්‍රසාදයක් දක්වා නැත. පසුගිය දිනක වාසුදේව නානායක්කාර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ චමල් රාජපක්ෂ මීළග ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවයි. මේ අනුව මහින්ද හිතවාදී විපක්ෂ පක්ෂ අතර ජනාධිපිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සම්බන්ධ ඒකගතාවක් නැති බව පෙනී යයි. මහින්ද රාජපක්ෂ නිරන්තරව මහමැතිවරණයක් පිළිබද සටන්පාඨය ඔසවන්නේ ජනාධිපතිවරණය අවාසිදායක තත්වයක් උදා කරන බැවිනි. ඔහුගේ අරමුණ මහමැතිවරණයකින් බලය ලබා ගෙන ව්‍යවස්ථාව යළි වෙනස්කර තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බවට දේශපාලන මත පළ වෙමින් තිබේ.




Related News