தமிழ்
English
Contact
Tuesday 23rd October 2018    
ආර්ථිකය ගැන ගෝඨාගෙන් කේවට්ට උපදෙස් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආර්ථිකය ගැන ගෝඨාගෙන් කේවට්ට උපදෙස් !



වෙළදපොළ ඒකාධිකාරය ඇති වීමට ඉඩ නොදී දේශිය කර්මාන්තකරුවා දිරිගැන්විය යුතු බවත් විදේශිය ආයේාජකයින්ගේ නීත්‍යානුකූල අයිතිය අාරක්ෂා කළ යුතු බව අාරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.

තම දේශපාලන ප්‍රතිරූපය පිම්බීම පිනිස සංවිධානය කළ ‘වියත්මග’ නම් සංවිධානයේ වාර්ෂික සමුළුව කොළඹ ෂැංග්‍රිලා හේාටලයේ දී  අමතමින් ඊයේ (13) ඔහු මේ  අදහස් දැක්වීය.  පරිපලන ඒකාධිකාරය බිද වැටිය යුතු වගේම වෙළදපොල ඒකාධිකාරය ඇති වීමට ඉඩ නොදිය යුතුය ආයේාජකයින් දිරිගැන්වීම් කරනවා කීවාට වැඩක් නැත. ඒවා සදහා ප්‍රතපත්ති සකස්කළ යුතුය. දේශිය කර්මාන්තකරුවා ආරක්ෂා කරමින් ඔවුන්ව දිරිගැන්වීම් කළ යුතු බවද ඔහු කීය. එලෙසම විදේශිය ආයේාජකයින්ගේ නීත්‍යානුකූල අයිතිය තහවුරු කළ යුතු  බව ඔහු තවදුරටත් කිවේය.

ෙගා්ඨාභය රාජපක්ෂ නාගරික සංවර්ධන අධිකාරිය පාලනය කරමින් කොළඹ නගරය සංචාරකයන්ට ගැලපෙන පරිදි වෙනස් කිරීම සම්බන්ධ මධ්‍යම පන්තිකයන්ගේ ප්‍රසාදයට අමතරව මහින්ද රාජපක්ෂ පාලනය යටතේ යුද්ධය සම්බන්ධ ඔහු කළ කී දේ වෙන්වෙන් ජාතිකවාදීන්ගේ අැගයීමක්ද ඔහුට අැත. ඒසේ වුවද ධනවාදී අාර්ථිකය ගැන ගෝඨා කියන මේ අන්දර ෙදමළය පිළිගත හැකිද? ව්‍යාපාරිකයන් වෙනුවෙන් අාර්ථිකය පවත්වාගෙන යාම ගැන ඔහු අැත්ත කියයි. ඒහෙත් ව්‍යාපාර අාරක්ෂා කරන්නට නම් අායෝජකයන්ට හිමි නීතිිමය අයිතින් ලබාදීමෙන්පමණක් ඒය ඉටු නොවේ. විදේශ අායෝජකයන්ට බදු සහන හා කම්කරු නීත් ලිහිල් කිරීම් අාදිය ලබා දෙමින් සිදුකරන අාර්ථික ලිබරල්කරනය අවුරුදු 40ක් පරණ ක්‍රමයකි. ඒය පුනරුච්ඡාරනය මිස ගෝඨාගේ අල්මාරියේ අලුත් යමක් නැත. ගෝඨෘභය පුම්බන්නද දැන හෝ නොදැව බොහෝ දෙනා කතා කරන්නේ ඔහු පසුගිය කාලයේ කළ කේවට්ටකම් ගැන නොදැනය.