தமிழ்
English
Contact
Wednesday 19th September 2018    
අනුනායක හාමුදුරුවො කිව්වෙ පුද්ගලික බණක්නෙ, අැයි කලබල වෙන්නෙ? - ගෝඨාභය රාජපක්ෂ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අනුනායක හාමුදුරුවො කිව්වෙ පුද්ගලික බණක්නෙ, අැයි කලබල වෙන්නෙ? – ගෝඨාභය රාජපක්ෂ



වේඩරුවේ උපාලි, අස්ගිරිය පාර්ශ්වයේ අනුනායක විසින් තමන්ගේ උපන් දිනය වෙනුවෙන් නිවසේ පැවති දානය අවසානයේ කී පුද්ගලික අනුහාසනාවක් සම්බන්ධයෙන් සිදුවන ප්‍රචාරය සම්බන්ධයෙන් කණගාටුවන බව ගෝඨාභය රාජපක්ෂ පවසයි.

මිග් යානා ගනුදෙනුව සම්බන්ධ නැගී අැති චෝදනා පිළිබද අද දින(26) මුල්‍ය අපරාධ විමර්ශන අංශයේ කටඋත්තර දීමෙන් පසුව අාරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා ජනමාධ්‍ය අමතමින් පවැසුවේ පුද්ගලික කාරණයකට කළ අනුශාසනාවක් පිළිබද ජනාධිපති, අගමැති සහ අනෙකුත් පිරිස් විවේචනය කිරිම පිලිබද තමන් කණගාටුවන බවයි. අනුනායක හිමියන් විසින් පසුගිය ජූනි 20 වැනිදා ගෝඨාභය රාජපක්ෂගේ 69 වැනි උපන්දිනයට පැවති දානයක් අවස්ථාවේ අනුශාසනා කරමින් පවසා සිටියේ /ෝඨාභය රාජපක්ෂ හිට්ලර් වැනි අයකු බවට අැතැමුන් ප්‍රකාශ කරන බවයි. ඒ් නිසා හිට්ලර් කෙනෙක් වෙලා හරි මිලිටරි පාලලනයකින් හරි මේ රට ගොඩගන්නා ලෙස ඔහුගෙන් ඉල්ලා සිටින බව අනුනායක හිමි ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් හිට්ලර් යනු සුප්‍රකට ජනසංහාරක පාලනයක කෘර නායකයා බත් බුදුන් කී ධර්මය වෙනුවට හිට්ලර් පාලනයකට මග පෙන්වීම භික්ෂුවකට නොතරම් බවද සමාජ කතාබහක් අැති විය. ලෝකය පුරා මිලිටරි පාලන ගනනාවක ම්ලේච්ඡත්වය පැහැදිලි ලෙස පෙනී යද්දී මිලිටරි පාලනයක් හෝ අැතිකරන ලෙස උපදෙස් දිමද භික්ෂුවකගේ අවබෝධය සම්බන්ධ ප්‍රශ්නයක් ලෙස විවේචනයට ලක් විය.

මෙම විවේචන හා වාග් ප්‍රහාර හමුවේ අනුනායක හිමි ප්‍රකාහයක් නිකුත් කරමින් පැවසුවේ තමන් කීවේ හිට්ලර් කෙනෙක් වෙන්න කියා හෝ මිලිටරි පාලනයක් අැතිකරන ලෙස ෙනාවන බවයි. ඒහිදී ඍජු තීරණ ගන්නා දසරාජ ධර්මය අනුව පාලනය කරන පාලකයකු අවශ්‍ය බව තමන් පෙන්වා දනු් බව වේඩරුවේ උපාලි හිමි පවසා තිබිණි. ඒහෙත් ජුනි 20 වැනිදා ඒ් හිමියන් ගෝඨාභය රාජපක්ෂ නිවසේදී කළ ප්‍රකාශයේ දසරාජ ධර්මය ගැන නම් වචනයක්වත් කියැවී නොතිබිණි. මේ නිසා විවිධ විද්වතුන් හා ප්‍රභූන් රැස්කරගෙන ‘වියත්මග’ වැනි ව්‍යාපෘතිවලට මුදල් යොදවමින් සිය දේශපාලන අාගමනයේ පදනම සකස් කරමින් සිටි ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිරූපයට විශාල හානියක් සිදුවන බවට දේශපාලන විචාරකයන්ගේ අදහස විය.  තමන්ට දේශපාලන සහායක් පිනිස භික්ෂුවක් කළ ප්‍රකාශයෙන් මේ දක්වා නිහඩව සිටි ගෝඨාභය රාජපක්ෂ පළමුවරට අද භික්ෂුව කළ ප්‍රකාහය හුදු පුද්ලික බණක් බව කියා සිටියෙය්. පුද්ගලික බණකට ජනමාධ්‍ය වාර්තාකරුවන්ට අාරාධනා කළේ අැයිද යන්න ගැන ඔහු කිසිවක් පවසා නැත.