தமிழ்
English
Contact
Friday 1st July 2022    
අත්අඩංගුවට ගත් අරගලකරුවන්ට අධිකරණයෙන් ඇප | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අත්අඩංගුවට ගත් අරගලකරුවන්ට අධිකරණයෙන් ඇප



මුදල් අමාත්‍යංශය ඉදිරිපිට මාර්ගය අවහිර කර විරෝධතා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගාලු මුවදොර අරගලකරුවන් 21 දෙනා එක් අයකුට රුපියල් ලක්ෂය බැඟන් වූ ශරිරි ඇපයක් මත මුදා හරින්නැයි කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

ජනාධිපති ලේකම් කාර්යාලයට පිවිසෙන පිවිසුම් දොරටු දෙක අවහිර කළ බවට චෝදනා කරමින් පොලිසිය විසින් මෙසේ 21 දෙනකු අත්අඩංගුවට ගත් අතර, මෙයට අමතරව පොලිසිය අධිකරණය හමුවේ පැවසුවේ උද්ඝෝෂණයේ නිරත පිරිස් මුදල් අමාත්‍යාංශය හා ජනාධිපති කාර්යාලයේ පිවිසුම් මාර්ග අවහිර කර ඇති බවත්, එම පිවිසුම් මාර්ග අමහිර කිරීම හේතුවෙන් මුදල් අමාත්‍යාංශයට හා ජනාධිපති කාර්යාලයට අතවශ්‍ය සේවාවන් සඳහා පැමිණෙන නිලධාරීන්ට හා මහජනතාවට බාධා වූ බවයි. මීට අමතරව අද දිනයේ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලවල පිරිස හා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට තිබූ සාකච්ඡාවලට පවා බාධා එල්ල වූ බවට පොලිසිය විසින් චෝදනා ඉදිරිපත් කර තිබිනි.

කෙසේ වෙතත් දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ අධිකරණය විසින් සියලු දෙනාට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස නියෝග කළේය.




Related News