தமிழ்
English
Contact
Thursday 21st June 2018    
සමාජ ජාලා තහනම ඉවත් කරන්නට පෙර, ෆේස්බුක් සමාගම සමග විශේෂ සාකච්ඡාවක් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සමාජ ජාලා තහනම ඉවත් කරන්නට පෙර, ෆේස්බුක් සමාගම සමග විශේෂ සාකච්ඡාවක් !



ආණ්ඩුවට හිසරදයක්ව පැවති සමාජ ජාලා වෙබ් අඩවි මර්දනයට ජාතිවාදී මත දක්වන්නන් දුන් උදව්ව නිසා දැන් දීර්ඝකාලීනව සමාජ ජාලා අඩවි පාලනය කිරීමට හා වාරණය කිරීමට දොරටුවක් ආණ්ඩුවට ලැබී තිබේ.
ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි තහනම එළඹෙන සිකුරාදා(16) වන විට ඉවත් කිරීමට හැකිවනු ඇති බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසන නමුත් සමාජ ජාලා වාරණය කිරීමේ දීර්ඝකාලීන වැඩපිළීවෙළකට විදේශික විශේෂඥයන් හා සමාජ ජාලා සමාගම් සමග එකගතාවකට එන්නට ආණ්ඩුව සැරසෙයි. 16 වැනිදා තහනම ඉවත් කරන්නට පෙර 15 වැනි දින ෆේස්බුක් ආයතනයේ නියෝජිතයින් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළේය. මහනුවර ප්‍රදේශයේ ඇති වූ ජාතිවාදී ප්‍රචණ්ඩත්වයට සමාන්තරව ජාතිවාදී හා ආගම්වාදී ප්‍රකාශ සමාජ ජාල හරහා පැතිරීම වැලැක්වීමේ අරමුණින් විදුලි සංදේශ නියාමන කොමිසම මෙම වෙබ් අඩවිවලට ඇතුළු වීම තාවකාලිකව අවහිර කිරීමට පියවර ගත්තේය. මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි අවහිර කිරීම සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් අදහස් පළ කරමින් සිටින අතර ඒ පිළිබඳ සැලකිල්ලට ගනිමින් එම අවහිරතාවයන් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේය.
සමාජ ජාල වෙබ් අඩවි ක්‍රියාකාරිත්වය නිසා වැඩියෙන්ම අපහසුතාවට පත් වූයේ පාලකයන් බව මෑත දේශපාලනයේ නිදසුන් ඕනෑ තරම් ගෙන ආ හැකිය. සිය දේශපාලනයේ අංක එකේ ප්‍රතිවාදියා ජනමාධ්‍යෙව්දින් බවට පත් කරගත් මහින්ද රාජපක්ෂ පාලනය විසින් සමාජ ජාලා අඩවි කොතරම් හිසරදයක් ලෙස සැලකුවාද යන්න වටහා ගත හැක්කේ චීනයේ තොරතුරු තාක්ෂන විශේෂඥයන් පිරිසක් ජනාධිපති මාධය අංශයේ වෙනම කාර්යාංශයක් මෙහෙයවන්නට යොදාගැනීම නිසාය. එහෙත් රනිල්-මෛත්‍රි හවුල මැතිවරණ වේදිකාවල මහින්ද රාජපක්ෂගේ මාධය මර්දනය හා තොරතුරු තාක්ෂණය මර්දනය කිරීමේ කණ්ඩායම විවේචනය කරමින් මාධ්‍ය නිදහස දෙන බවට විශාල ප්‍රචාරයක් ගෙන යන ලදී.
එහෙත් බලයට පත් වූ පසුව සමාජ ජාලා මාධ්‍ය හවුල් ආණ්ඩුවටද වහකදුරු මෙන් විය. ජාතිවාදී ප්‍රචාර පසුිය වසර තුන පුරාම විශාල වශයෙන් පැවතියද තෙල්දෙනිය ප්‍රචණ්ඩ ක්‍රියා උපයෝගි කරගෙන දැන් ආණ්ඩුව සමාජ ජාලා වෙබ් අඩවි මර්දනයට සූදානම් වෙයි. හදිසි නීතියද පනවා දේශපාලන විරෝධය මර්දනයට හැකි පහසු මාවතක් විවර කරගන්නට මෙසේ සමාජ මාධ්‍ය ජාලා දඩයමට ආණ්ඩුව සූදානම්වන බව දැන් වටහා නොගෙන ඊට ප්‍රතිචාර නොදැක්වුවහොත් ඉදිරියේදී ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ආණ්ඩුව ග්නා ඕනෑම පියවරක් ඉදිරියේ ඇස් කන් පියාගෙන ඉන්නට සමාජයට සිදුවනු ඇත.