தமிழ்
English
Contact
Thursday 21st June 2018    
Viber තහනම පමණක් අද මධ්‍යම රාත්‍රි ඉවත් කරනවා ! - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

Viber තහනම පමණක් අද මධ්‍යම රාත්‍රි ඉවත් කරනවා ! – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව



සමාජ මාධ්‍ය ජාලා තහනම නිසා ඇතිව තිබෙන දුෂ්කරතා සළකා බලා Viber තහනම පමණක් අද මධ්‍යම රාත්‍රි ඉවත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

විශේෂයෙන් විදේශගත ලාංකිකයන්ට සිට ඥාතින් සමග සන්නිවේදනය කිරීමේ අවශ්‍යතා සළකමින් මෙම පහසුකම පමණක් අද මධ්‍යම රාත්‍රිෙය් නැවත ලබා දෙන්නට රජය තීරණය කර ඇත.

කෙසේවෙතත් සමාජ ජාලා මාධ්‍ය තහනම නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට පැනවූ තහංචියක් බව ප්‍රකාශ කරමින් පාර්ශ්ව ගනනාවක් ආණ්ඩුවට විරෝධය පළ කරමින් සිටී. වෛර සහගත ප්‍රකාශ නිකුත් කිරීම සමාජ ප්‍රශ්නයක් වුවද වෙනත් මාධ්‍ය මගින්ද එය සිදු කරනු ලබයි. එහෙත් සමාජ ජාලා මාධ්‍ය මගින් ජාතිවාදය ප්‍රචාරය වන බවට ආණ්ඩුව පවසන්නේ තෙල්දෙනිය සිදුවීම් ව්‍යාප්ත වූ පසුවයත ඒ දක්වාම සමාජ ජාලා මාධ්‍ය හරහා වෛර සහගත ප්‍රචාරයන් දියත් විය.