தமிழ்
English
Contact
Wednesday 17th August 2022    
Hippo Spirit දූෂිත පොහොර නැව කොළඹ වරායට ආසන්නයේ නැංගුරම් දමයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

Hippo Spirit දූෂිත පොහොර නැව කොළඹ වරායට ආසන්නයේ නැංගුරම් දමයි



(TopNews) ලංකාවේ භාවිතයට නුසුදුසු පොහොර තොගයක් රැගෙන පැමිණීම නිසා අධිකරණ වාරණ නියෝගයකට ලක්ව ඇති ආන්දෝලනාත්මක Hippo Spirit නැව මේ වන විට කොළඹ වරායට ආසන්නයේ නවතා ඇත.

පෞද්ගලික ආයතනයක් මගින් ඇණවුම් කර ඇති මෙම පොහොර තොගය සාම්පල පරික්ෂා දෙකකදී ‘අර්විනියා’ නමැති ආගන්තුක ක්ෂුද්‍ර ජීවින් සහිත බවට සනාථ වීමෙන් ලංකාවේ භාවිතයට ගැනීඹ හෝ ගොඩබෑම තහනම් කරමින් බ්නාහිර පළාත්බද මහාධිකරණය වාරණ නියොගයක් නිකුත් කරන ලදී.

ඒ වනවිටත් ලංකාව බලා ගමන් කරමින් තිබුණු ටොන් 20398ක් බරැති මෙම නැව සිංගප්පූරුව ආසන්නයේ රැඳී සිටි බව වාර්තා විය. පොහොර තොගය රැගත් නැව මෙසේ අසාමාන්‍ය ආකාරයෙන් නවතා දමා තිබියදී කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය විසින් ආණ්ඩුවට බලපෑම් කරමින් පොහොර ගනුදෙනුව සිදුකිරීමට උථ්සාහ ගන්නා ලදී. මෙම පොහොර තොගයට ගෙවීම් නවතා දැමීඹට මහජන බැංකුව පියවර ගැනීම හේතුවෙන් එම බැංකුව චීනයේ ‘කලු ලැයිස්තුව’ එක් කිරීමද චීන තානාපති කාර්යාලය විසින් සිදුකර තිබිණි.

මේ අතර මෙම නැව ලංකාව බලා පිටත් වූ බව වාර්තා වූයේ වෙනත් වෙළඳ නාමයක් ආදේශ කරගනිමිනි. නැවේ නාමය වෙනස් කිරීමද සැක කටයුතු තත්වයක්ව තිබියදී මෙම නැවේ චලනයන් වාර්තා කෙරෙන තාක්ෂණ සංඥා අත්හිටුවමින් සැක කටයුතු හැසිරීමක් දක්නට ලැබිණි. විශේෂයෙන් හම්බන්තොට ආශ්‍රිත ප්‍රදේශයට නැව ළඟවී ඇති නමුත් ඉන්පසුව නැවත නැවේ පිහිටීමේ දත්ත අතුරුදන් විය. ඉන්පසුව, වැලිගම ප්‍රදේශය ආසන්නයට පැමිණි මෙම නැව දැන් කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා ඇත්තේ දූෂිත පොහොර තොගය සහිතව කොළඹ වරායට ඇතුළුවීමට වාරණයක් අධිකරණය විසින් පනවා ඇති බැවිනි.