தமிழ்
English
Contact
Wednesday 19th September 2018    
ජනජීවිත හා පරිසරය වනසන ‘තාක්ෂණ නගර‘ ඉඩම් කොල්ලයට හෝමාගම ජනතාව විරෝධය පළ කරති! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනජීවිත හා පරිසරය වනසන ‘තාක්ෂණ නගර‘ ඉඩම් කොල්ලයට හෝමාගම ජනතාව විරෝධය පළ කරති!



බස්නාහිර හා මහනගර සංවර්ධන අමාත්‍යංශය විසින් කි‍්‍රයාත්මක කරන ‘තාක්ෂණ නගර ව්‍යාපෘතිය‘ යටතේ හෝමාගම හා පාදුක්ක ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශි‍්‍රතව ජීවත්වන ජනතාවත්, පරිසරයත් මුහුණ දෙන විනාශය වැළැක්වීමේ අරමුණින් ‘හෝමාගම ජන අයිතින් සුරැකිමේ සංවිධානය‘ විසින් අද(5) දින විරෝධතා පවත්වන ලදී.
ආයෝජන කැඳවා ගැනීමේ නාමයෙන් සිදු කරන ලද මේවැනි ව්‍යාපෘති මගින් මෙතෙක් සිදුවූයේ ජනතාව කබලෙන් ලිපට ඇදදැමීම බව දක්වමින් මෙම විරෝධතාවයට සහභාගිවූ ප්‍රදේශවාසින් හා සමාජ ක්‍රියාකාරිහු බත්තරමුල්ල දියත උයනින් පාගමනක් ආරම්භ කර බත්තරමුල්ල නගරයේ බස්නාහිර හා මහනගර සංවර්ධන අමාත්‍යංශය අසළ උද්ඝෝෂණයක් පැවැත්වූහ. ඉන්පසුව ඔවුහු
ඇමතිවරයා හමුවේ සිය විරෝධය පළ කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටියහ. පසුගිය පළාත්පාලන මැතිවරණ සමයේ හෝමාගම ප්‍රදේශයට පැමිණි ඇමතිවරයා එවැනි ඉඩම් පවරාගැනීමක් සිදු නොවන බව ප්‍රකාශ කර තිබුණද පසුව ඒ සම්බන්ධ ඉඩම් පවරාගැනීමේ දැන්වීම් හෝමාගම හා පුද්ක්ක ප්‍රෙද්ශයේ අලවන ලදී. මේ සම්බන්ධව ඇමතිවරයාගෙන් විමසීමට විරෝධයට සම්බන්ධ වූ ජනතාවට අවශ්‍ය විය. ඉන් පසුව පොලිසිය මැදිහත් වී විරෝධතාවය පළ කිරීමට නියෝජිතයන් දෙදෙනකුට පමණක් අමාත්‍යංශය ත=ළට යාමට අවස්ථාව ලබා දෙන බව කී විට ජනතාව විරරෝධය පළ කළහ. එහිදී නියෝජිතයන් 10 දෙනකු අමාක්‍යංශයට ඇතුළු කරගන්නට එකගතාව පළ වූ අතර ඇමතිවරයා වෙනුවට අමාත්‍යංශ ලේකම්වරයා සමග සාකච්ඡාවක් ලබා දෙන ලදී. එහෙත් එම සාකච්ඡාවේදී මෙම ව්‍යාපෘතිය දේශපාලන ප්‍රතිපත්ති සමග සම්බන්ධ එකක් බවද නිලධාරින් විසින් පිළිගන්නා ලද අතර ඔවුන් මෙම ඉඩම් පවරාගැනීමේ පිළිවෙත සම්බන්ධයෙන් පළ කළ අදහස් එකිනෙක පරස්පර තත්වයක් නියෝජිතයන් වටහා ගන්නා ලදී. ව්‍යාපෘතිය සම්බන්ධ වගකීම ඇති බස්නාහිර හා මහනගර සංවර්ධන ඇමතිවරයාගෙන් මිස ලේකම්වරුන්ගෙන් මේ සම්බන්ධ විමසීමට අවශ්‍ය නොවන බවද මෙවැනි පරස්පර කරුනු සමග නිලධාරින්ගෙන් විසදුමක් නොලැබෙන බව පවසා සාකච්ඡාවෙන් නැගිට පිටව ආහ.
එහිදී ඇමතිවරයාට තම විරෝධය පළ කිරීම සදහා අගතියට පත්වන ජනතාව වෙනුවෙන් හෝමාගම ජන අයිතින් සුරැකිමේ සංවිධානයේ විධායක කමිටු සාමාජිකයන් ලෙස රවින්ද්‍ර මුදලිගේ සහ තිමන්ත දයනක විසින් භාරදුන් ලිපියක් ජනමාධ්‍ය වෙත ලබා දෙන ලදී. එහි මෙසේ සදහන් වේ.

“අමාත්‍යතුමා
බස්නාහිර හා මහනගර සංවර්ධන අමාත්‍යංශය
බත්තරමුල්ල
2018.07.05

යෝජිත තාක්ෂණ නගර ව්‍යාපෘතියට විරෝධය පළ කිරීම

බස්නාහිර හා මහනගර සංවර්ධන අමාත්‍යංශය විසින් කි‍්‍රයාත්මක කිරීමට යෝජිත තාක්ෂණ නගර ව්‍යාපෘතිය හෝමාගම හා පාදුක්ක ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශි‍්‍රතව ජීවත්වන ජනතාවත්, පරිසරයත් විනාශකාරී ප‍්‍රතිවිපාකයන්ට ඇද දමන ව්‍යාපෘතියක් බව අපගේ විශ්වාසයයි. ආයෝජන කැඳවා ගැනීමේ නාමයෙන් සිදු කරන ලද මේවැනි ව්‍යාපෘති මගින් මෙතෙක් සිදුවූයේ ජනතාව කබලෙන් ලිපට ඇදදැමීමයි.
මේ ව්‍යාපෘතිය සඳහා හෝමාගම හා පාදුක්ක ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශි‍්‍රතව ජීවත්වන ජනතාවගේ වගාබිම් ඇතුළු ඉඩම් අක්කර දහස් ගණනක් පවරා ගැනීමට යෝජිතය. ජනතාව ජීවත් වන නිවාස දහස් ගණනක් උදුරා ගැනීමට නියමිතය. එම ප‍්‍රදේශයේ පරිසරයත් ජනජීවිතයත් විශාල අවදානමකට ලක් කරමින් ජනතාව මහ මගට ඇදදමන යෝජිත ව්‍යාපෘතියට අපගේ බලවත් විරෝධය පළ කර සිටිමු.
කොළඹ දිස්ති‍්‍රක්කයේ ජනතාවට ජීවත් වීම සඳහා සුදුසු පරිසරයක් සහිතව ඉතිරිව ඇති ඉතා සීමිත භූමි භාගයේ කොටසක් වන මෙම ප‍්‍රදේශය තුළ මෙවැනි ව්‍යාපෘතියක් ස්ථාන ගත කොට සිදු කිරීමට නියමිත විනාශයට එරෙහි වන අප අදාළ ව්‍යාපෘතිය වහා නතර කරන ලෙස බලකර සිටිමු.“