தமிழ்
English
Contact
Friday 15th November 2019    
සිරකරුවන් චීනයට යැවීමේ නීතිය, හොංකොං පාලිකාව ඉල්ලා අස්කරගනී! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සිරකරුවන් චීනයට යැවීමේ නීතිය, හොංකොං පාලිකාව ඉල්ලා අස්කරගනී!



සිරකරුවන් චීනයට පිටුවහල් කිරීමේ (උදර්පන) නීති කෙටුම්පත ඉල්ලා අස්කර ගැනීමට හොංකොංහි පාලන නිලධාරිනි කැරි ලැම් කටයුතු කර තිබේ.

හොංකොංහිදී චෝදනාවට ලක්වන සිරකරුවන් චීනය වෙත යැවීමට හැකිවන පරිදි නීති සංශෝධනයක් ගෙන එන්නට හොංකොං බලධාරින් කටයුතු කළ අවස්තාවේ මෙම විරෝධතා මතු විය. ජූනි මස සිට දහස් ගනනින් හොංකොං වීදි පුරා විරෝධය පළ කළවුන්ගේ ප්‍රධාන ඉල්ලීම අනුව එම නීතිය ඉවත් කරගෙන ඇත. පසුගිය දිනවල හොංකොං පාලිකාව ප්‍රකාශ කළේ උදර්පන නීතිය මේ වනවිට මියගොස් ඇති බවය.

එහෙත් ජනතාව එය පිළිගත්තේ නැත. මර්දනකාරී නියමය ඉල්ලා අස්කරගත යුතු බව විරෝධතාකරුවන් ප්‍රකාශ කර තිබිණි. සංවිධානාත්මකව සටන් කිරීමේ පලයක් ලෙස හොංකොං පාලකයන්ට හා චීනයට මෙම ගැටලුවේදී පරාජය පිළිගන්නට සිදු විය.