Posted on 01.15.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ සිටිය යුතු අලි 52ක් අතරින් අලි 31දෙනෙක් අතුරුදහන්ව ඇති බවත් එම අලින් පිළිබඳ කිසිම ලේඛණයක් නොමැති බවත් විගණන වාර්තාවකින් හෙළිව තිබේ.
එසේම අලි 12ක් මියගොස් ඇති අතර ඉන් අලි 05ක් මියගොස් ඇත්තේ ආහාර හිඟය නිසා ඇතිවූ මන්දපෝෂණ තත්ත්වය නිසා බව හෙළිව තිබේ. දැනට ජීවත්ව සිටින අලි 09 දෙනා මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන නමුත් විගණන වාර්තාවලට අනුව අලි 30දෙනෙකු සඳහා දෛනිකව ආහාර සපයාගෙන තිබී ඇත. මෙම වැඩිපුර අලි 21ට ආහාර සැපයීම වෙනුවෙන් 2019 වසරේ අගෝස්තු සිට ඔක්තෝම්බර් මස අවසානය දක්වා රුපියල් හැටපන් ලක්ෂ පනස් නව දහස් දෙසීය හතළිස් පහක් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවා ඇත.
එසේම අලි සංගණනය අනුව 2015 වසරේ සිට 2019 වසරේ ජුනි මස දක්වා කාලය තුළ මෙම රැඳවුම් මධ්‍යස්ථානයට ප්‍රචණ්ඩකාරී අලි 52ක් ඇතුලත් කොට ඇත. ඉන් දැනට ඉතිරිව ඇත්තේ අලි 09 දෙනෙකු පමණක් බවත් 12 දෙනෙකු මියගොස් ඇති අතර ඉතිරි අලි 31දෙනාට කුමක් සිදුවූවේද යන්න පිළිබඳ තොරතුරු වනජීවී දෙපාර්තමේන්තුව සතුව නොතිබුණු බව විගණන වාර්තා වේ සඳහන් වේ.