தமிழ்
English
Contact
Saturday 18th August 2018    
පොලිස්පති සහ හමුදාපති මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය ගැන උරණ වෙයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පොලිස්පති සහ හමුදාපති මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය ගැන උරණ වෙයි!



ඇතැම් මාධ්‍ය ආයතන සහ විශේෂයෙන් සමාජ මාධ්‍ය හරහා වැරදි තොරතුරු සපයන බවත් ඒ සම්බන්ධ දැඩි නෛතික ක්‍රියාමාර්ග ගන්නා පොලිස්පති පූජිත ජයසුන්දර ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණේ ඊයේ(7) සංහිදියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය සහ පොලිසිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සිදුවූ අවස්ථාවේදීය.

මේ අතර යුද හමුදාපති මහේස් සේනානායක මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ප්‍රකාශ කර තිබුනේ සමාජ මාධ්‍ය තුළ ප්‍රකාශවන ඇතැම් කරුනු සහ ඒවා පළ කරනවුන් සම්බන්ධයෙන් බුද්ධි අංශ අවධානයෙන් සිටිය යුතු බවකි. ඊයේ කොළඹ ආරක්ෂක සමුලුව සම්බන්දයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ මාධය සාකච්ඡාව පැවති අවස්ථාවේ ඔහු මේ අදහස් ප්‍රකාශ කරණ ලදී.

ජනමාධ්‍ය ඔස්සේ ආණ්ඩුව විවේචනය කිරිම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය කාලයේ කිහිප අවස්ථාවක ප්‍රසිද්ධියේ අප්‍රසාදය පළ කර තිබුනු අතර මාධයවේදින් හා මාධය ආයතන සම්බන්ධ නම් සදහන් කරමින් සිය කෝපය පළ කරන ලදී. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින්ද ආණ්ඩුව ලබාදුන් නිදහස අයුතු ලෙස භාවිතා කිරීම පිළිබදවත් මාධ්‍ය ඔස්සේ පළවන ඇතැම් විවේචන ගැනත් අප්‍රසාදයෙන් අදහස් පළ කළ අවස්ථා මෑතකදී දක්නට ලැබුණි. ආණ්ඩුව විවේචනය කරමින් ලබාදුන් නිදහස නැතිකර නොගන්නා ලෙසද ජනාධිපතිවරයා මෑතක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරණ ලදී.